28th December 2022 14:13:55 Hours
ශ්‍රීලංකා සන්නහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී 2022 දෙසැම්බර් මස 26 වන දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස වැඩ භාර ගන්නා ලදී.
12th December 2022 11:36:41 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 67 වැනි සංවත්සරය සහ බළකා දින සැමරුම නිමිත්තෙන් 2022 දෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා මෝදර ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ආගමික වතාවත් මාලාවේ අවසාන අවස්ථාව ලෙස ඉස්ලාමීය ආගමික වතාවත් රෙම ශ්‍රීලසසබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යුස්පී ,අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
05th December 2022 16:24:06 Hours
2022 දෙසැම්බර් 15 වන දින එළඹෙන 67 වන බලකා දින සංවත්සරය නිමිත්තෙන් රෙම ශ්‍රීලසසබ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් 2022 දෙසැම්බර් 02 සිකුරාදා සවස රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ විය. මේජර් ජෙනරාල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක , සන්නාහ සන්නද්ධ කාන්තා සමාජයේ සභාපති හර්ෂිනි බෝතොට මහත්මිය, බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී කාරියවසම්, සන්නද්ධ බලසේනාධිපති, බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී, මධ්‍යස්ථානය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, භාර්යාවන්, සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.