Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඉතිහාසය සහ ගමන් මග

ශ්‍රී ලංකා ද්විපය අධිරාජ්‍යවාදින්ගෙන් මිදි නිදහස් රටක් ලෙස 1948 පෙබරවාරි 04 වන දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නිදහස් රටක ස්වයිරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා යුද්ධ හමුදාව ගොඩනැගීම ආරම්භ කර ඇති අතර එහි පළමු පියවර වශයෙන් 1949 ඔක්තොම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නගා සිටුවන ලදී. එතැන් සිට මාතෘභූමියේ ස්වයිරිභාවය උදෙසා වර්ෂ 1955 තෙක් රාජකාරි කරමින් සිටියදී ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති තුමාගේ සංකල්පයකට අනුව යුධ හමුදාව ව්‍යාප්ත කිරීමට ගනු ලැබූ තීරණයත් සමගම යුද්ධ හමුදාවට සන්නද්ධ බලඝනයක්ද එක් විය. ඒ අනුව වර්ෂ 1955 ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රථම සන්නද්ධ රථ අංශය බලඝනයක් වශයෙන් ස්ථාපිත කර එවකට මේජර් ඩී එස් ආටිගලගේ පුර්ණ අධික්ෂණය, උපදෙස් හා මගපෙන්වීම යටතේ රාජකාරි කරමින් සිටියදී එම බලඝනය 1 වන විමර්ශණ රෙජිමේන්තුව ලෙස අංග සම්පුර්ණ රෙජිමේන්තුවක් දක්වා විකාශනය කරවිම හා වැඩි දියුණු කිරීම සැබැඳිව පූර්ණ ගෞරවය එහිලා පුරෝගාමි වු නිලධාරි වන මේජර් ඩී එස් ආටිගල එම්වීඕ හට හිමි වේ.

බලඝනයක් ලෙස ආරම්භ කර කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ රාජකාරි කරමින් සිටියදි වර්ෂ 1955 දෙසැම්බර් මස පුහුණුවීම් සඳහා රිදියගම කඳවුරට රපෝර්තු කරන ලදි. මෙම කාල වකවානුව තුල පුහුණුවීම් සදහා වැඩි කාලයක් වැය කරන අතරතුර අංග සම්පූර්ණ රෙජිමේන්තුවක් ලෙස ස්ථාපිත කිරිමට අවැසි මුලික පියවර ගන්නා ලදි. ඒ අනුව සන්නද්ධ බලකායට ප්‍රථමයෙන්ම මාර්ක් I වර්ගයේ විමර්ශණ රථ 04 ක් ගෙන්වනු ලැබූ අතර එමෙන්ම එවකට විමර්ශන රැලි සතුව කම්බිනේෂන් යතුරු පැදි භාවිතයේ තිබුණි. වර්ෂ 1956 දී මාර්ක් II වර්ගයේ විමර්ශණ රථ ඒකකය වෙත ලබාදෙන ලදි.

වර්ෂ 1956 අග භාගය වන විට නිලධාරින් 09 දෙනෙකුගෙන් හා සෙසු නිලයින් 160 දෙනෙකුගෙන් සමන්විත බලඝනයේ සියලුම නිලයින්ට රියදුරු, සංඥා වෙඩිකරු හා ප්‍රහාරක පුහුණුවීම් රිදියගම කදවුරේදි වර්ෂ 1957 දෙසැම්බර් මස දක්වා අඛණ්ඩව සිදු කරන ලදී. රිදියගම කඳවුරේ පරිසරය හා වටපිටාව පුහුණුවිම් සඳහා ඉතා යෝග්‍ය වු බැවින් රිදියගම සන්නද්ධ බලකායේ නිවහන බවට පත් විය. එම කඳවුරේ රාජකාරි කරමින් සිටියදි වර්ෂ 1957 අම්පාර ප්‍රදේශ‍යේ ගංවතුර ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා අම්පාර ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී. කොළඹ ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි වාථාවරණය හේතු කොටගෙන 1957 දෙසැම්බර් මස 15 වන දින බලඝන මූලය හා අනෙකුත් අංශ කොළඹ 15 හි පිහිටි රොක්හවුස් කඳවුරේ ස්ථානගත කරන ලදි. එතැන් පටන් රොක්හවුස් කඳවුර සන්නද්ධ බලකායේ සථීර නිවහන බවට පත්වූ අතර, රෙජිමේන්තුව සිය බලකා දිනය ලෙස දෙසැම්බර් 15 වන දින සැමරීම ආරම්භ විය.

වර්ෂ 1958 සිට 1962 වසර දක්වා කාලය තුල රටේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය මත බලඝණය මඩකලපුව ප්‍රදේශයේ ස්ථානගත වීමට සිදු වු අතර එම හේතුව නිසා පැනවු හදිසි නීතිය යටතේ සන්නද්ධ බලඝණය ඉතා අගනා මෙහෙවරක් ඉටු කරන ලදි. 1958 වසර අගභාගයේදී බලඝනය ඒ,බී හා සී වශයෙන් රැලි 03 කට බෙදා වෙන්කර කටයුතු කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම වර්ෂ 1958 දි එක් බලඝණයක් රැලි 3ක් සහිතව විමර්ශන බලඝණ දෙකක් සමගම රෙජිමේන්තුවක් බවට පත් වීමෙන් පසු රෙජිමේන්තුවට වර්ෂ 1958 බර අවි සමග ඩේම්ලර් වර්ගයේ සන්නද්ධ රථ සහ ප්රනහාරක සෙබලුන් රැගෙන යා හැකි සිලින්ඩර් 04 ක් සහිත විලීස් ජීප් රථ ලැබුණි. වර්ෂ 1959 ජුනි මස 09 හා 10 යන දිනයන්හි දි ප්‍රථම වතාවට සන්නද්ධ රථ වෙඩිතැබීම කොළඹ ගාලු මුවදොර පිටියේදි සිදුකරන ලද අතර 1959 වර්ෂයේ සිට රෙජිමේන්තුව මඩකලපුව ප්‍රදේශයේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි කටයුතු වල හා මන්නාරම ප්‍රදේශයේ වෙරළාරක්ෂලක කටයුතු වල නිරත වෙමින් සිටියදි 1962 දී රජය විසින් පාසැල් පවරා ගැනීමේ වැඩපිලිවෙලේදී රටේ ඇතිවූ කලහකාරි තත්වය මැඩපැවැත්වීම සඳහා ප්‍රථමයෙන් රැලියක් අලිමංකඩ ස්ථානගත ගත කර ඇති අතර පසුව චාවාකච්චේරි හා වවුනියා යන ප්‍රදේශයන්හි ද ස්ථානගතවීම් සිදුකරන ලදී. රෙජිමේන්තුව සිය සන්නද්ධ රැලි රට පුරා ස්ථානගත කිරිම මෙලෙස ආරම්භ විය.

එවකට ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග්‍රාමාත්‍යය ඩඩ්ලිව් සේනානායක මැතිතුමා 1965 දෙසැම්බර් මස දී ප්‍රථම වරට යුධ හමුදා මූලස්ථානයට පැමිණි අවස්ථාවේ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව විසින් සම්මාන මුරයක් ලබා දෙන ලද අතර 1966 දි ඒකකය යුධ හමුදා සංදර්ශනයටද සහභාගි වන ලදී. වර්ෂ 1970 වන තෙක් පුහුණුවීම් හේතුවෙන් රෙජිමේන්තුව කාර්ය බහුල වු අතර යුධ හමුදා ක්‍රිඩා තරඟයන්හිදී ශූරතාවයන් කීපයක්ම ලබා ගනිමින් ක්‍රීඩා කටයුතු වලින්ද විශිෂ්ඨ දස්කම් දැක්වීමට රෙජිමේන්තුවට හැකිවිය. එමෙන්ම මෙම කාලවකවානුවේ දී පවත්වන ලද යුධ හමුදා වෙඩි තැබීම් තරඟවලදී ද රෙජිමේන්තු කණ්ඩායම මනා දක්ෂතා දක්වා ඇත. 1971 වර්ෂයේදි එවකට රටේ පැවැති කැරැලිකාරී වාතාවරණය මත රෙජිමේන්තුව කොළඹ හා කෑගල්ල කේන්ද්‍රකොට ගෙන ස්ථානගත කරන ලදී. පසුව මැයි මාසය වන විට රෙජිමේන්තුව කෑගල්ල හා අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ස්ථානගතව සිටියදි රෙජිමේන්තුවට අයත් භට පිරිස් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සිදුකරන ලද අතර, අනුරාධපුරය රෙජිමේන්තුවේ දෙවන නිවහන බවට පත්විය. වර්ෂ 1971 ඇති වු අප්‍රිෙයල් කැරැල්ලත් සමග සන්නද්ධ රෙජිමේන්තුව තවදුරටත් වය්‍යාප්ත කිරීමේ අරමුණින් රෙජිමේන්තුව විමර්ශණ, සැලඩින් සන්නද්ධ රථ හා බීටීආර් 152 බී සන්නද්ධ ප්‍රහාරක රථ වලින් සන්නද්ධ කරන ලද අතර එම රථ ලැබීමත් සමග 1971 දී හා 1974 දී පිළිවෙලින් සී හා ඩී බලගනයන් නගාසිටුවන ලදී.

වර්ෂ 1976 අග භාගයේදි කොළඹදී පැවැත්වූ නොබැඳි ජාතින්ගේ සමළු රැස්වීමේ රාජකාරි සන්නද්ධ රෙජිමේන්තුව විසින් ඉටු කරන ලද අතර එම රාජකාරි සියලුම නිලයින් විසින් විනය ගරුකව රටේ අභිමාණය ඔප් නැංවෙන අයුරින් ඉතා ප්‍රශංසනීය ලෙස ඉටු කරන ලදි. එවකට උතුරු ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය උත්සන්න වීමත් සමගම වර්ෂ 1979 මැද භාගයේදී රෙජිමේන්තුව යාපනය ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවන ලද අතර, රෙජිමේන්තුවට අයත් බලඝනයන් මාන්කුලම්, වව්නියාව හා අනුරාධපුර යන ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදී. රෙජිමේන්තුවේ වෙඩි බලය හා ශක්තිය තවදුරටත් ඔප් නංවමින් 1979 වර්ෂයේදි තවත් සැලඩින් සන්නද්ධ රථ 12 ක් සහ විමර්ශණ රථ 3 ක් රෙජිමේන්තු සන්නද්ධ රථ සංචිතයට එක්විය. එමෙන්ම සන්නද්ධ රථවල වාර්ෂික වෙඩිතැබීම වෙඩිතල්තිව් ක්ෂේත්‍ර වෙඩිපිටියේදී යුධ හමුදාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

වර්ෂ 1980 වන විට යාපනය ප්‍රදේශයේ පැවැති තත්ත්වය තව තවත් උත්සන්න වීම හේතුකොට ගෙන රෙජිමේන්තුව උතුරු ප්‍රදේශයෙහි රාජකාරි කටයුතු කරගෙන යාම නොකඩවා සිදු කරන ලදී. රටේහි පැවැති කලහකාරි වාතාවරණය මත එම වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී රෙජිමේන්තුවට විශාල කාර්ය භාරයක් පැවැරුණු අතර, එම මැතිවරණ රාජකාරීන්ද මනා ලෙස ඉටු කරන ලදී. රෙජිමේන්තුවට අයත් බලඝනයන් යාපනය, වව්නියාව හා මාන්කුලම් යන ප්‍රදේශයන් හි රාජකාරි කටයුතු දිගටම කරගෙන යන ලදි. සන්නද්ධ රෙජිමේන්තුවේ ව්‍යාප්තියත් සමග රෙජිමේන්තුවට අයත් සෙබළුන් පුහුණු කිරීමේ අරමුණින් වර්ෂ 1984 ජනවාරි මස 01 වන දින සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදි.

වර්ෂ 1984 සිට දිනෙන් දින උතුරු ප්‍රදේශයේ තස්ත්‍රවාදී ක්‍රියා උත්සන්න වීම නිසා සන්නද්ධ රෙජිමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරුණු අතර, මේ හේතුව නිසා යාපනය අර්ධද්වීපයේ බලඝනයක් ස්ථාපිත කරමින් එහි රැලි, පාලාලි, යාපනය කොටුව, අලිමංකඩ සහ කිලිනොච්චි යන ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදි. 1985 වර්ෂයේදි කිලිනොච්චි නගරය කේන්ද්‍රකොටගෙන ස්ථාපිත වූ සම්බන්ධීකරණ මූලස්ථානය යටතේ විමර්ශණ රෙජිමේන්තුව ස්ථානගත කරන ලදී. එමෙන්ම 1986 වසරේ තවත් බලඝනයක් නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිකුණාමලයේ ස්ථාපිත කරවු අතර 1987 ජනවාරි මාසයේ ක්‍රියාන්විත සැලසුමට අනුව බලඝනයන් 03 ක් පිළිවෙලින් පලාලි, කිලිනොච්චි හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ස්ථානගත කරන ලදී.

රෙජිමේන්තුවේ ව්‍යාප්තිය හා දියුණුව තවත් පියවරක් ඉදිරියට තබමින් 1985 වසරේ ජූලි මස සැරසන් සන්නද්ධ සෙබල ප්‍රවාහන රථ සහ ස්ටොල්වට් (හයි මොබිලිටි ලෝර්ඩ් කැරියර්ස්) රෙජිමේන්තු සන්නද්ධ රථ හා බර වාහන සංචිතයට එකතු විය. එම රථ වලින් සෑම රැලියකටම සැරසන් සන්නද්ධ රථ 02 බැගින් යා කරන ලද අතර, මේ හේතුව නිසා රැලි නිලධාරි හට අමතර ප්‍රහාරක සෙබළුන් 24 දෙනෙකු රැගෙන යාමට හැකිවිය. ස්ටොල්වට් රථය නිසා බලගනයේ සන්නද්ධ රථවල ‍ ක්ෂේත්‍ර අලුත්වැඩියාවන් පහසු වූ අතරම, අමතර පතුරොම් ගෙන යෑමේ පහසුවද සැලසුණි. අඛන්ඩව ක්‍රියාන්විත රාජකාරි ඉටු කල රෙජිමේන්තුව වර්ෂ 1987 මැයි මාසයේදී සිදුකල වඩමාරච්චි මෙහෙයුමේදී ඒ බලඝනය උතුරු ප්‍රදේශයෙන්ද, බී බලඝනය දකුණු ප්‍රදේශයෙන්ද ක්‍රියාන්විතය සදහා දායකත්වය සපයන ලදි. වර්ෂ 1987 සැප්තැම්බර් මාසයේදී රෙජිමේන්තුවේ බලඝන 02 ක් උතුරු නැගෙනහිර ද අනෙකුත් බලඝන ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශයන් හි ස්ථානගතව සිටින ලදි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ඉතිහාසයේ තවත් පියවරක් හා වැදගත් සිදුවීමක් සනිටුහන් කරමින් 3 වන විමර්ශණ රෙජිමේන්තුව 1988 නොවැම්බර් මස 16 වන දින නගා සිටුවන ලද අතර සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අවශ්‍යතාවයක්ව පැවැති සන්නද්ධ බලසේනාවක අඩුව පුරවාලමින් වර්ෂ 1988 දෙසැම්බර් මස 15 වන දින සන්නද්ධ බලසේනාව නගාසිටු විම සිදු කරන ලදි. එම කාලය තුල රටෙහි පැවැති නොසන්සුන්කාරී වාර්තාවරණය උත්සන්නවීම හේතු කොටගෙන භඨ පිරිස් වැඩි ප්‍රමාණයක් උතුරු නැ‍නගෙනහිර ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදී. එමෙන්ම නවතමයෙන් ස්ථාපනය කරන ලද 3 වන විමර්ශණ රෙජිමේන්තුව වෙනම රෙජිමේන්තුවක් ලෙස අනුරාධපුර කලැත්තෑව ප්‍රදේශයේ ස්ථානගත කරන ලදි.

එමෙන්ම 3 වන විමර්ශණ රෙජිමේන්තුව කලැත්තෑව කඳවුරෙන් රොක්හවුස් කඳවුරට පැමිණීමත් සමගම 1 වන විමර්ශණ රෙජිමේන්තුව රොක්හවුස් කඳවුරේ සිට කලැත්තෑව කඳවුරට ගොස් ස්ථානගත වු අතර 1990 දී එවකට පැවැති සාම ක්‍රියාවලිය නිසා රෙජිමේන්තු දෙකකටම පුහුණුවීම් සඳහා වැඩි කාලයක් යෙදවීමට හැකි විය..

වර්ෂ 1990 ජූනි මාසයේදී දෙමළ ඊලාම් ත්‍රස්ථවාදීන් විසින් ශ්‍රී ලංකාද්විපයේ භෞමික අඛන්ඩතාවය ඒකීයභාවය තුරන් කිරිමේ අරමුණින් දියත් කල දෙවන ඊලාම් යුද්ධයේ ආරම්භයත් සමගම සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් සියලු බලගන හා භඨ පිරිස් ඒ සදහා ස්ථාන ගත කරන ලදි. ප්‍රථමයෙන්ම 3 වන විමර්ශණ රෙජිමේන්තුවේ සී බලඝනය අනුරාධපරය කේන්ද්‍රකොටගෙන ස්ථානගත කල අතර එමෙන්ම සන්නද්ධ රැලි නැගෙනහිර හා වව්නියාව යන ප්‍රදේශයන්හි ක්‍රියාන්විත රාජකාරි සඳහා ස්ථානගත කරන ලදී. සපුගස්කන්ද බටලන්ද කඳවුරේ ස්ථානගත කර තිබූ බී බලඝනයේ රැලියක් මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත කර ඒ බලඝනය කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රොක්හවුස් කඳවුරේ ස්ථානගත කරන ලදි. 1 වන විමර්ශණ රෙජිමේන්තුවට අයත් ඒ බලඝනය උතුරු ප්‍රදේශයෙත් බී බලඝනය වව්නියාව, සී බලඝනය ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන් හි ක්‍රියාන්විත රාජාකරින් සඳහා ස්ථානගත කරන ලදි.

සන්නාහ සන්නද්ධ බලකාය තවත් ඉදිරි පියවරත් තබමින් බලකායට අයත් සන්නද්ධ රථ සංචිතයට තවත් සැලඩින් සන්නද්ධ රථ 6 ක් 1990 ජනවාරි මස 25 වන දින ලැබුණු අතර, එවකට රටේ පැවැති යුධමය වාතාවරණය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමගම සන්නාහ සන්නද්ධ බලකායට නවීන යුධ ටැංකි ලබාගැනීමේ අවශ්‍යතාවය අනුව ඒ සදහා ඉදිරි සැලසුම් සකස් කරන ලදි. එමෙන්ම වර්ෂ 1991 පෙබරවාරි මස 1 වන විමර්ශන රෙජිමේන්තුව නැවත රොක්හවුස් කදවුරේ ස්ථානගත වූ අතර, 3 වන විමර්ශණ රෙජිමේන්තුව අනුරාධපුර කලැත්තෑව කඳවුරේ ස්ථානගත කරන ලදි.

වර්ෂ 1991 ජූනි මාසයේදී දෙමළ ඊලාමි ත්‍රස්ථවාදින් විසින් අලිමංකඩ යුධ හමුදා කඳවුර වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී, එම සටන නොකඩවා මාසයක් පමණ කාලයක් පැවැති අතර එම තත්ත්වය යටතේ අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර බේරා ගැනීමට යුද්ධ හමුදාව මගින් බලවේගය 1 ක්‍රියාන්විතය දියත් කරන ලදී. ක්‍රියාන්විතය සදහා අණදීම බ්‍රිගේඩියර් ඩී එල් කොබ්බෑකඩුව විසින් සිදුකරන ලද අතර. ඒ වන විට සිදු කරන ලද ක්‍රියාන්විත අතුරින් වැඩිම සන්නද්ධ රථ ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකරණ ලද ක්‍රියාන්විතය බලවේගය 1 මෙහෙයුමයි. එම ක්‍රියාන්විතය සදහා 3 වන විමර්ශණ රෙජිමේන්තුවේ ඒ, සී බලඝනයන් හා 1 වන විමර්ශණ රෙජිමේන්තුවේ බී බලඝනය සහභාගි වු අතර මෙම බලඝන 03 පාබල සේනාංකය සමග වෙත්තලකර්නී මුහුදු වෙරළෙන් ක්‍රියාන්විතය ආරම්භ කර අලිමංකඩ කදවුර ත්‍රස්ථවාදි ප්‍රහාරයන්ගෙන් මුදවා ගැනිමෙන් අනතුරුව ක්‍රියාන්විතය විජයග්‍රාහීව අවසන් කරන ලදී.

සන්නාහ සන්නද්ධ බලකායේ නවින යුධ ටැංකි සිහිනය සැබැ කරමින් වර්ෂ 1991 සැප්තැම්බර් මාසයේ චීනයේ නිෂ්පාදිත ටි 85 සැහැල්ලු යුධ ටැංකි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට ලැබීමෙන් අනතුරුව 3 වන විමර්ශණ රෙජිමේන්තුව එම සන්නද්ධ රථ වලින් සමන්විත කර පුහුණුවීම් සිදු කරන ලදී. එමෙන්ම සන්නද්ධ රෙජිමේන්තුවට තවත් සාමාජිකයෙක් එක්කරමින් වර්ෂ 1991 සැප්තැම්බර් මස 24 වන දින 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව ත්‍රිකුණාමලය ක්ලැපන්බර්ග් හිදි නගාසිටුවන ලද අතර, එම ඒකකය සදහා චෙක් ජනරජයේ නිශ්පාදිත ටි 55 යුධ ටැංකි ඇණවුම් කරන ලදී. නවතමයෙන් පිහිටුවන ලද 4 වන සන්නද්ධ රෙජිමේන්තුව සදහා ඇනවුම් කරන ලද ටි 55 යුධ ටැංකි 1991 ඔක්තෝම්බර් මස 11 වන දින දිවයින වෙත ලැබිමත් සමගම එම යුධ ටැංකි 4 වන සන්නද්ධ රෙජිමේන්තුව වෙත ලබාදිමෙන් අනතුරුව ත්‍රිකුණාමලය චීනවරාය ක්ලැපන්බර්ග් කඳවුරේ පුහුණුවීම් කටයුතු සිදුකරගෙන යන ලදි. එවකට යුද්ධ හමුදාධිපති තුමාගේද සුභ පැතුම් සමග සන්නද්ධ බලකායට අලුතින් එක් වු චෙක් ජනරජයේ නිශ්පාදිත ටි 55 යුධ ටැංකිවල ජීව වෙඩිතැබීම 1991 වර්ෂයේ නොවැම්බර් මස 28 වන දින ත්‍රිකුණාමලයේදී සිදුකරන ලදි. එමෙන්ම සන්නාහ සන්නද්ධ බලකායේ සාමාජිකයෙක් ලෙස යුද්ධ හමුදාධිපති තුමා 1991 දෙසැම්බර් මස 02 වන දින සිය ප්‍රථම රෙජිමේන්තු නිල සංචාරය සිදුකරන ලදී.

3 වන විමර්ශණ රෙජිමේන්තුවේ සි බලඝනය 1992 දී ටී 86 වර්ගයේ රෝද සහිත සන්නද්ධ රථ වලින් සන්නද්ධ කරන ලද අතර, ඒ සහ බි බලඝන ටි 85 (ට්‍රැක්) සන්නද්ධ රථ වලින් සමන්විත විය. එම කාල වකවානුව තුල ශ්‍රී ලංකාවටත් සහ යුද්ධ හමුදාවටත් ඉමහත් මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් ඩී එල් කොබ්බෑකඩුව 1992 අගෝස්තු මස 08 වන දින බිම් බෝම්බයකට හසුව යාපනය අරාලි තුඩුවේදී ජිවිතක්ෂයට පත් විය.

නව යුධ ටැංකි ලද 4 වන සන්නද්ධ රෙජිමේන්තුව පුහුණුවිමේන් අනතුරුව උතුරු ප්‍රදේශයේ සිදුකල ක්‍රියාන්විත සදහා සහභාගී වීමට එම ප්‍රදේශයේ ස්ථානගත කරන ලද අතර. ටී 55 යුධ ටැංකි ත්‍රස්ථවාදින්ට මරු පහරක් වූවා මෙන්ම එම යුධ ටැංකි යුධ පිටියේ මහඟු කාර්යය භාරයක් ඉටුකරන ලදී.

යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමග නැවතත් සන්නද්ධ රෙජිමේන්තුවක අවශ්‍යතාවය ඇතිවිම නිසා එවකට යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයක් මත 1994 ජනවාරි මස 06 වන දින ආධාරක රෙජිමේන්තුවක් වශයෙන් 5 වන ආධාරක රෙජිමේන්තුව නගා සිටුවන ලදි. එම රෙඡීමේන්තුව මාස 3 කාලයක් ත්‍රිකුණාමලයේ ස්ථානගත කර තිබීමෙන් අනතුරුව පාබල ක්‍රියාන්විත රාජකාරීන් සඳහා මඩකලපුව කේන්ද්‍රකොටගෙන ස්ථානගත කරන ලදී. වර්ෂ 1994 අගෝස්තු මාසයේදී සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ රථ සංචිතයට යුක්රේනයේ නිශ්පාදිත බිඑමිපි විමර්ශණ සන්නද්ධ රථ 16 ක් එක් වු අතර එම සන්නද්ධ රථ නවතමයෙන් නගා සිටුවන ලද ආධාරක රෙජිමේන්තුව වෙත ලබා දිමෙන් අනතුරුව පුහුණුවිම කටයුතු ක්ලැපන්බර්ග් හිදි සිදු කර 5 වන විමර්ශණ රෙජිමේන්තුව ලෙස ප්‍රථිස්ථාපනය කරන ලදි. මෙම කාල වකවානුවේදී ගරු අග්‍රාමාත්‍යයතුමිය හටද ආරක්ෂා ව සැපයීමේ කාර්යභාරය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත පැවරි තිබු අතර ඒ සදහා 5 වන විමර්ශණ රෙජිමේන්තුවට අයත් බලඝනයන් දෙකක් අග්‍රාමාත්‍යය නිල නිවස වන අරලියගහ මන්දිරය ආරක්ෂක රාජකාරි සඳහා යොදවන ලදි. අනෙකුත් බලගන දෙක පුහුණුවීම් කටයුතු සිදු කරගෙන යන ලදී.

1995 වසර මුලදී ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ජා ඇරඹුන නමුත්. කෙටි කලකින් එම සාම සාකාචිඡා බිද වැටි නැවත 3 වන ඊලාම් යුද්ධය ආරමිභයත් සමග සන්නද්ධ රථවල අව්‍යශතාවය තව දුරටත් වැඩිවිය. ඒ අනුව 1995 සැප්තැම්බර් මස 27 වන දින ටී 63 – 2 වර්ගයේ සන්නද්ධ රථ 30 ක් 5 වන විමර්ශණ රෙජිමේන්තුවට ලැබුණි. කෙටි කාලීන පුහුණූවකින් අනතුරැව 5 වන විමර්ශණ රෙජිමේන්තුව මෙම සන්නද්ධ රථ සමග යාපනය ප්‍රදේශයේ මෙහෙයුමි සදහා සුදානම් කෙරුණි. රෙජිමේන්තුවට අයත් සී බලඝනය කොළඹ ජනාධිපති ආරක්ෂක ඒකකයේ රාජකාරි සිදු කල අතර, අනෙකුත් සියලුම බලඝන රිවිරැස 1 ක්‍රියාන්විතය සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට තවත් නව සමාඡිකයෙක් එක් කරමීන් වර්ෂ 1997 ජනවාරි මස 29 වන දින 6 වන රෙජිමේන්තුව නගාසිටුවන ලදි. යාපනය අර්ධද්ධීපයේ ස්ථාපිත කරන ලද මෙම ඒකකය පාබල රාජකාරි ඉටුකල අතර, 1997 වර්ෂයේදී රුසියාවෙ නිශ්පාදිත බීටීආර් 80 සන්නද්ධ රථ ගෙන්වා ඒකකය වෙත ලබාදිමෙන් පසු විමර්ශණ රෙජිමේන්තුවක් බවට පත්විය.

වර්ෂ 1997 දි මෙතෙක් කලක් රෙජිමේන්තු ආඥාපති ලෙස පැවති තනතුර කර්නල් සේනාවිධායක ලෙසට සංශෝධනය විමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයෙන් ලද උපදෙස් අනුව බලකායන්හි, රෙජිමේන්තුවල ප්‍රතිපත්තිමය හා වැදගත් තීරණ ගැනීම පිණිස වර්ෂ 1997 ජූලි මස 28 වන දින ශ්රීස ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රථම රෙජිමේන්තු කවුන්සිලය පිහිටුවන ලදි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ස්වෙච්චා ඒකකයක අඩුව පුරවාලමින් වර්ෂ 1998 මැයි මස 22 වන දින ශ්‍රී ලංකා ඡාතික ආරක්ෂක බලමුළුවේ 7 වන බළඇණිය, 7 වන (ස්වේච්ජා) රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වශයෙන් ප්‍රථිස්තාපනය කර නගා සිටුවන ලද අතර මෙම රෙජිමේන්තුවද යාපනය අර්ධද්වීපයෙහි ස්ථානගතව පාබල රාඡකාරි සදහා යොදවන ලදී. එමෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට තවත් නවතම සාමාඡිකයෙක් ලෙස 8 වන රෙජිමේන්තුව 1998 ජුලි මස 30 වන දින නගා සිටුවන ලද අතර, එය යාපනය අර්ධද්වීපයෙහි පාබල රාජකාරීන් සදහා යොදවන ලදී. ‍

සන්නද්ධ රථ රෙඡිමේන්තුවක් ලෙස ස්ථාපිත 1 වන විමර්ශණ රෙජිමේන්තුව භාවිතා කල එක්සත් රාජධානියේ නිෂ්පාදිත සන්නද්ධ රථ සියල්ලම භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට 1 වන විමර්ශණ රෙජිමේන්තුව, බීටීආර් 80 සහ බීටීආර් 80 ඒ යන රථ වලින් සන්නද්ධ කරන ලදි. එමෙන්ම වර්ෂ 2001 අග භාගයේදී 3 වන විමර්ශණ රෙජිමේන්තුවට අයත් එක් බලගනයක් වෙත ටී 55 යුධ ටැංකි ලබාදුන් අතර, 4 වන සන්නද්ධ රෙජිමේන්තුවට අයත් බලගන 03 කට ටී 55 ඒඑම් II යුධ ටැංකි ලබා දි සන්නද්ධ කිරීම සිදුවිය. තවද 2002 වසර මුල් භාගයේදි 6 වන රෙජිමේන්තුවට බීඑම්පී සන්නද්ධ රථ ලැබීමත් සමගම එම රෙජිමේන්තුවද බීඑම්පී සන්නද්ධ රථවලින් සමන්විත රෙජිමේන්තුවක් බවට පත්විය.

හයිටි රාජයයේ පැවැති නොසන්සුන්කාරි වාතාවර්නය මත එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සදහා යෙදවු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කණ්ඩායමට මෙම බලකායෙන්ද නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 69 දෙනෙකු ප්‍රථම වතාවට එක් වු අතර එම කණ්ඩායම වර්ෂ 2005 ඔක්තෝම්බර් මස හයිටි රාජ්ය බලා පිටත්ව යන ලදි.

4 වන ඊලාමි යුද්ධය ආරමිභයත් සමගම වර්ෂ 2006 දි හ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද නැගෙනහිර හා උතුරු මානුෂීය මෙහෙයුම්වල වැදගත් ස්ථානයක් සන්නාහ සන්නද්ධ බලකායට හිමිවු අතර. සන්නද්ධ බලකායේ සන්නද්ධ රථ සතු වූ අවිවල වෙඩී බලය ත්‍රස්ථවාදීන් ගේ ආරක්ෂක මුර කපොළු සුනු විසුණු කරමින් ක්‍රියාන්විතය සඳහා මහත් දායකත්වයක් සපයන ලදී. විශේෂයෙන්ම නැගනහිර මානුෂීය මෙහෙයුමේදි 1 වන විමර්ශණ රෙජිමේන්තුව, 3 වන විමර්ශණ රෙජිමේන්තුව හා 4 වන සන්නද්ධ රෙජිමේන්තුව ත්‍රස්ථවාදි බලකොටු විනාශ කරමීන් පාබල ඒකකයන්ට සහය දක්වමීන් මෙහෙයුම සදහා සක්‍රීය දායකත්වය දක්වන ලදී. නැගනහිර මානුෂිය මෙහෙයුමේ අවසන් අධියරයන් ආසන්නයේ සන්නාහ සන්නද්ධ බලාකයට තවත් ආධාරක රෙඡිමේන්තු දෙකක් එක් විය. එනම් 2008 ජනවාරි මස 21 වන දින 9 වන ආධාරක රෙජිමේන්තුව ආරම්භ කල අතර එහි මූලික පුහුණුවිම් මාදුරුඔය වලමණ්ඩිය පුහුණු පරිශ්‍රයේදී සිදු කරන ලදී. එම වර්ෂයේම 2008 අගෝස්තු මස 28 වන දින 10 වන ආධාරක රෙජිමේන්තුව කොක්එලිය පුහුණු පරිශ්‍රයේදී පුහුණුව අවසන් කර මානුෂීය මෙහෙයුමට දායකත්වය ලබාදෙන ලදී.

එමෙන්ම උතුරු මානුෂීය මෙහෙයුමේදී වන්නි ප්‍රදේශයෙන් ක්‍රියාන්විතයන් ආරමිභ කල 57 වන සේනාංකය සමග 3 වන විමර්ශණ රෙජිමේන්තුවේ යුධ ටැංකි, සන්නද්ධ රථ සහ භට පිරිස් එක්වු අතර. මන්නාරම් ප්‍රදේශයෙන් ක්‍රියාන්විතයන් දියත් කළ 58 වන සේනාංකයේ සන්නද්ධ ශක්තිය ලෙස 3 වන විමර්ශන රෙජිමේන්තුවේ සහ 5 වන විමර්ශන රෙජිමේන්තුවේ යුධ ටැංකි සහ සන්නද්ධ රථ යුධ බිම ඡය ගැනිමට මන්නාරම, වෙඩිතල්තිවු, පුනරීන්, පරන්තන්, කිලිනොච්චි හරහා අවසන් සටන් බිම දක්වා තම ශක්තිය දයාද කළ අතර 9 වන සහ 10 වන රෙජිමේන්තුද පාබල ඒකකයන් සමග තම ශක්තිය නොමදව මෙම සේනාංක වෙත ලබාදෙන ලදී. 59 වන සේනාංකය සමග ගමන් කල 3 විමර්ශණ රෙජිමේන්තුව සහ 5 වන විමර්ශන රෙජිමේන්තුවේ අනිකුත් බලඝණයන් වැලිඔය ප්‍රදේශයෙන් ප්‍රහාරයන් අරඹා පන්සල් කන්ද, කොහොඹගස් හන්දිය, නයාරු, අලම්පිල්, මුලතිව් හරහා වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා දිවෙන ලද 59 වන සේනාංකයේ ජයග්‍රාහී මාවත පෑදිමට තම නොමද දායකත්වය සපයන ලදී. ඒ වන විට යාපන අර්ධද්වීපයේ ස්ථානගතව සිටි 4 වන සන්නද්ධ රෙජිමේන්තුවේ යුධ ටැංකි 53 සහ 55 සේනාංකයන් සමග මුහමලේ ප්‍රදේශයෙන් යුධ බිමට අවතිර්න වි උතුරු මානුෂිය මේහෙයුමේ ජයග්‍රහණය සඳහා අනුපමේය දායකත්වයක් සපයන ලද අතර, 6 වන ආධාරක රෙජිමේන්තුව සහ 8 වන ආධාරක රෙජිමේන්තුව පාබල ඒකකයන් හා එක්ව යුධ බිමේ ජයග්‍රාහි මාවත තිරකර ගැනීමට උපරිම දායකත්වය සපයන ලදී.

මෙතෙක් කලක් විමර්ශණ රෙජිමේන්තුවක් ලෙසට පැවති 3 වන විමර්ශණ රෙජිමේන්තුවෙහි සියළුම ක්ෂේත්‍ර බලඝනයන් ටී 55 යුධ ටැංකි වලින් සන්නද්ධ වීමත් සමග 2009 දෙසැම්බර් මස 25 වන දින සිට, 3 වන සන්නද්ධ රෙජිමේන්තුව ලෙසට ප්‍රථිස්ථාපනය කරන ලදී.

වර්ෂ 2008 දී සන්නද්ධ බලකායට එක් වූ 9 වන සහ 10 වන ආධාරක රෙජිමේන්තු 2012 අප්රේ ල් 01 වන දින රෙඡීමේන්තුවේ ප්‍රතිසංවිධානයට අනුව 9 වන ආධාරක රෙජිමේන්තුව 6 වන විමර්ශණ රෙජිමේන්තුව සමග ඒකාබද්ධ කළ අතර පසුව 6 වන ආධාරක රෙජිමේන්තුව ලෙසට 9 වන ආධාරක රෙජිමේන්තුව ස්ථානගතව සිටී මොරවැව ප්‍රදේශයේ ස්ථානගත විය. 10 වන ආධාරක රෙජිමේන්තුව 8 වන ආධාරක රෙජිමේන්තුව සමග ඒකාබද්ධ කිරිමෙන් අනතුරුව 8 වන ආධාරක රෙජිමේන්තුව ලෙස නොච්චීයාගම ප්රිදේශයේ ස්ථානගතව සිය රාඡකාරින් ඉටු කරන්නට විය.

වර්ෂ 1955 ඔක්තෝබර් මස 10 වන දින සන්නද්ධ බලඝනයක් ලෙස ගමන් ඇරඹි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය 2017.12.15 වන දින සිය 62 වන බලකා දිනය ඉතා උත්කර්ශවත් ලෙසට සමරන්නට යෙදුනු අතර ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය වර්ථමානය වන විට රෙජිමේන්තු මධ්‍යස්ථානයකින්ද, සන්නද්ධ බලසේනාවකින්ද, සන්නද්ධ පුහුණු පාසලකින්ද, නිත්‍ය විමර්ශණ රෙජිමේන්තු දෙකකින්ද, නිත්‍ය සන්නද්ධ රෙජිමේන්තු දෙකකින්ද, නිත්‍ය ආධාරක රෙජිමේන්තු දෙකක් ඇතුළුව නිත්‍ය රෙජිමේන්තු හයකින් හා එක් ස්වේච්ඡා රෙජිමේන්තුවකින්ද සමන්විත වේ.

බලකායේ වර්ථමාන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස් ඩී ටී ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී කටයුතු කරන අතර සන්නද්ධ බලකා බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ද මධ්යදස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිඩගේඩියර් ජී ඩී සූරිය බංඩාර ද කටයුතු කරයි.