08th September 2024 22:42:27 Hours
2024 සැප්තැම්බර් 8 වන දින, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක සහ 64 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී , 6 වන (ආධාරක) රෙජිමේන්තුව වෙත නිල සංචාරයක නිරත විය.
කර්නල් සේනාවිධායකගේ සම්ප්‍රාප්තියට ගෞරව දැක්වීම සඳහා කඳවුරු මුරයක් ලබාදීමෙන් මෙම සංචාරය ආරම්භ විය. සංචාරය අතරතුර ඔහු සමූහ ඡායාරූපයකට සහභාගී වී පැළයක් සිටුවා සියලු නිලයන් අමතා කතා කළේය. ඔහුගේ දේශනයේදී, සේනාංකයේ ප්රමිතීන් ඉහළ නැංවීමෙන් බලකායේ සම්ප්‍රදායන්, ආචාර ධර්ම, සාරධර්ම සහ සංස්කෘතියට බැඳීම, විනය සහ පිළිපැදීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. එම දේශනයෙන් අනතුරුව කර්නල් සේනාවිධායකවරයා නිලධාරී නිවස්නයෙහි දිවා ආහාරය සඳහා නිලධාරීන් සමඟ එක් විය.
මෙම සංචාරයට ගෞරව දැක්වීම සඳහා බ්‍රිගේඩියර් ඒ පී සී ආර් ප්‍රේමතිලක ආර්එස්පී යුඑස්පී එන්ඩීසී, මධ්‍යස්ථාන සේනාවිධායක සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ ආඥාපති බ්‍රිගේඩියර් ඒ ඒ ඩී පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී විය.
කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන්ගේ මෙස් පරිශ්‍රයේදී අමුත්තන්ගේ පොතට අත්සන් තැබීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.