Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

02nd September 2024 09:05:55 Hours

මේජර් ජෙනරාල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී

මේජර් ජෙනරල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස 2024 අගෝස්තු 26 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ - රොක් හවුස් කඳවුරේ පැවති උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී. 1 වන විමර්ශණ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී විසින් සන්නාහ සන්නද්ධ නිවසේ දොරටුව අසලදී උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්ෂක භට පිරිස් විසින් රෙ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව දිනය ආරම්භ විය.

මේජර් ජෙනරල් සුමිත් දේවප්‍රිය මහතා කර්නල් සේනාවිධායක ධූරයේ පත්වීම සනිටුහන් කරමින් වර්ණවත් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ඔහු සිය පවුලේ සාමාජිකයන් සහ රෙජිමේන්තු මන්ත්‍රණ සාමාජිකයින් ඉදිරියේ බෞද්ධ පූජකවරුන්ගේ ආශිර්වාදයෙන් නිල වශයෙන් සිය රාජකාරි භාර ගත්තේය. සම්ප්‍රදායේ කොටසක් ලෙස, අභිනවයෙන් පත්වූ කර්නල් සේනාවිධායක සිහිකිරීමේ සංකේතයක් ලෙස සඳුන් පැළයක් රෝපණය කළේය.

කර්නල් සේනාවිධායකවරයා අනෙකුත් නිලයන් අමතා කළ ප්‍රථම දේශනයේදී, රෙජිමේන්තු ඉතිහාසය පුරාවටම ආරක්ෂා වී ඇති වෘත්තීය සංවර්ධනය, මෙහෙයුම් සූදානම සහ උසස් විනය ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

අනතුරුව නිලධාරී නිවස්නයේදී නිලධාරීන් අමතමින් කර්නල් සේනාවිධායකවරයා වෘත්තීයභාවයේ වැදගත්කම, සහ උසස් විනය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් තම සේවා විෂය පථය විස්තර කළේය. තවද, ඔහු භඨ පිරිස්වල සුභසාධනය සහ වෘත්තීය රාජකාරි සහ පුද්ගලික යහපැවැත්ම අතර සමතුලිතතාවය අවධාරණය කරන අතරම, කණ්ඩායම් වැඩ, නවෝත්පාදන සහ පැහැදිලි සන්නිවේදනයේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අනාගතය පිළිබඳ තම දැක්ම ගෙනහැර දැක්වූ ඔහු, රෙජිමේන්තුවේ ප්‍රෞඩ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් විශිෂ්ට ලෙස නායකත්වය දෙන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.