Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

09th August 2024 10:09:16 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසිනි ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත අනුස්මරණ දේශනය පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක විසින් මෙහෙයවන ලද පරිදි, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් සංවිධානය කරන ලද ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී ගේ මංගල අනුස්මරණ දේශනය 2024 අගෝස්තු 09 වන දින කැවල්රි නිවස්නයෙහිදී පැවැත්විණි.

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සමඟ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ජී ඩී එච් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, ජෙනරල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, යුද්ධ හමුදාධිපතිතුමන් ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව, රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්විමෙන් මවිබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව, ඔවුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පිළිගැනීමේ කථාව පවත්වන ලද අතර, රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ඉතිහාසය සහ ජයග්‍රහණ ප්‍රදර්ශනය කරන ලද වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කර ප්‍රේක්ෂකයින් දැනුවත් කරන ලදී. රෙජිමේන්තු පාගමනෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රැස්ව සිටි පිරිස අමතමින් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මව්බිම වෙනුවෙන් සිදුකල දායාදය සහ අමිල මෙහෙවර පිළිබඳව අවධාරණය කළේය.

පසුව දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ සේවය සහ පරිත්‍යාගය සිහිගන්වමින් විශේෂ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරෙණි.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ මේජර් ජෙනරල් එන් ආර් මාරඹේ (විශ්‍රාමික) ආර්ඩබ්ලිවීපී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ධෛර්යය සහ නායකත්වය පිළිබිඹු කරමින් අනුස්මරණ දේශනය සිදුකිරිමයි.

සම්භාවනීය අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී සී ආර් ප්‍රේමතිලක ආර්එස්පී යූඑස්පී එන්ඩීසි විසින් ස්තුති කථාවෙන් අනතුරුව අනුස්මරණ උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මෙම උත්සවය සදහා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, රාජ්‍ය නිලධාරීන්, ඥාතීන් සහ හිතවතුන් ද සහභාගී වූහ.