02nd April 2024 08:22:59 Hours
ඉංජිනේරු සේවා බළකාය (ඉසේබ) සඳහා ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසින් 2024 මාර්තු 14 සහ 15 යන දිනයන්හිදී සමාරම්භක අන්තර් රෙජිමේන්තු සරඹ තරගය කර්නල් සේනාවිධායකගේ දූරදර්ශී මගපෙන්වීම සහ නායකත්වය යටතේ පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණය හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී. මෙම සිදුවීම ඉසේබ හි උරුමයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කළ අතර, මෙහිදී නිරවද්‍යතාවය, විනය සහ සුහදත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා රෙජිමේන්තු එකිනෙකට ගෙන ඒම සිදුවිය.
01st April 2024 10:24:45 Hours
ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමණාකරණ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඉංජිනේරු සේවා බලකාය වෙත අලුතින් පත් කරන ලද නිලධාරින් 2024.03.26 වන දින රෙමඉසේබ හිදි පිළිගන්නා ලදී.
28th March 2024 21:45:57 Hours
ඉංජිනේරු සේවා බළකාය විසින් රෙමඉසේබ නිලධාරී නිවස්නයෙහි සුවිශේෂී උත්සවයක් පවත්වන ලදී. 2024 මාර්තු 26 වන දින, මේජර් ජෙනරාල් ඒඊඩී විජේන්ද්‍ර (විශ්‍රාමික) ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්එස්සී විසින් පවත්වන ලද "Officering in Contemporary Sri Lanka" යන තේමාව කේන්ද්‍ර කරගත් දේශනයක ඉතා හරවත් එකක් විය.
14th March 2024 16:08:31 Hours
2024 මාර්තු 9 වන දින සවස ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම මත සංවිධානය කල Creators sing along with ‘Marians’ සිත් ඇදගන්නා සුළු සංගීත සන්ධ්‍යාවක් රෙමඉසේබ නිලධාරී නිවස්නයේදී පැවැත්වූ අතර, පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම සංගීත සැඳෑව තවත් වර්ණවත් කළේය.
14th March 2024 09:21:46 Hours
මේජර් ඩබ්පීකේඑම් වීරසිංහ යූඑස්පී එල්එස්සී ඉසේබ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 17 වන අණදෙන නිලධාරී ලෙස 2024 මාර්තු 01 වන දින කිලිනොච්චියේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේදී වැඩ භාර ගන්නා ලදී.
12th March 2024 17:20:58 Hours
කර්නල් සේනාවිධායක ඉසේබ සහ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල විසින් පෙබරවාරි 28 වන දින 1 බළකායේ බ්‍රිගේඩියර්(පාලන/භකාස) බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, වෙත නව නිලයේ නිල ලාංඡන පිරිනමන ලදී.
12th March 2024 17:18:00 Hours
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ, මිනින්දෝරු (මධ්‍යම උපදේශන අංගනය, නිර්මාණ අංශය) ලෙස රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ඩීජීඩබ්එච්කේ බණ්ඩාර ඉසේබ, නව නිලයට උසස්වීම් ලැබීම නිමිත්තෙන් නව නිලයේ නිල ලාංඡන යුද්ධ හමුදා අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් විසින් 2024.02.04 වන දින පළඳවන ලදී.
19th February 2024 19:29:08 Hours
ඔහුගේ විශිෂ්ඨ සේවාව සහ මානව සම්පත් සංවර්ධන සහ නායකත්ව කුසලතා සඳහා වූ දායකත්වය අගයමින් ජූරි සභාව සහ ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ උපදේශක මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (15) ඉන්දියාවේ මුම්බායි හි පැවති Global HR Excellence සම්මාන උළෙලේදී 2024 වසර සඳහා "Global HR නායකත්ව සම්මානය" ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ප්රදානය කරන ලදී.
07th February 2024 14:31:30 Hours
අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් දියතලාව ‘ක්‍රියේටර්ස්‘ ලිපි ද්‍රව්‍ය වෙළඳසැල පෙබරවාරි 07 වන දින විවෘත කරන ලදී.
06th February 2024 11:05:41 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 පෙබරවාරි 5 වන දින හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී හට උපහාර දැක්වීමේ උත්සවයක් පවත්වන ලදී. නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන පිවිසුම අසල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.