Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th December 2024 16:56:31 Hours

ඉංජිනේරු සේවා බලකාය එහි 75 වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබා ගත්තේය

ඉංජිනේරු සේවා බලකායේ 75 වන සංවත්සර උත්සවයට සමගාමීව, සියළු ආගම් හි ආශිර්වාද ලබා ගැනීමේ වැඩසටහනක් සැලසුම් කර තිබුණි.

බලකා ධජය වෙත ආශිර්වාද කිරීමේ උත්සවයේ දෙවන අදියර ලෙස, ඉසේබ ධජය 2024 දෙසැම්බර් 13 වන දින කතරගම සිට ආශිර්වාද ලබා ගැනීම සඳහා රැගෙන යන ලදී.

බලකා ධජය පෙරහැරකින් කිරිවෙහෙර දක්වා රැගෙන ගිය අතර එහිදී කිරිවෙහෙර අභියස දී බෞද්ධ ධර්ම දේශනාවකින් අනතුරුව උත්සවය පැවැත්විණි. එහිදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ධජය කතරගම දේවාලය වෙත රැගෙන යාමෙන් පසු බලකායට ආශිර්වාද පතා තවත් ආගමික වතාවත් සිදු කරන ලදී.

ගමනේ මීළඟ සිදුවීම ලෙස, ඉසේබ ධජය 2024 දෙසැම්බර් 16 වන දින කොළඹ මයුරපති කෝවිල වෙත ගෙන යන ලදී. එහිදී, හින්දු නිලධාරීන් සහ සොල්දාදුවන් සමග ධජයට ආශිර්වාද කරන ලදී.

ඉන්පසු, ඉස්ලාමීය ඇදහිල්ලේ අධ්යාාත්මික කරුණාව වැළඳ ගනිමින් ඉංජිනේරු සේවා බළකායට ආශිර්වාද ලබා ගැනීම සඳහා 2024 දෙසැම්බර් 18 වන දින හැංවැල්ල ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් පිරිසක් රැස් වූහ.

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ එන් එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී, ඉංජිනේරු සේවා බලකා මධ්යමස්ථාන සේනාවිධායක බ්රිමගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා, ජ්යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ බළකායේ සෙසු නිලයින් උත්සවයට සහභාගී වීය.

මෙම ධජයට ආශිර්වාද කිරීමේ උත්සවය 75 වන සංවත්සර වැඩසටහනේ කේන්ද්රීහය සිදුවීමක් වූ අතර එය සාමූහික බලාපොරොත්තු සහ යාඥාවන් සංකේතවත් කරයි. බලකායේ සමගිය, සාමය සහ අන්යෝ්න්යා ගෞරවය පිළිබඳ අනාගතයක් සඳහා ශ්රී් ලංකාවේ විවිධ ආගමික ප්රැජාවන් රටේ විවිධත්වය තිබියදීත්, සාමය සහ සහජීවනය පිළිබඳ හවුල් වටිනාකම් එහි ජනතාව එකට බැඳී ඇති බව එය සුන්දර මතක් කිරීමක් විය.