22nd April 2024 15:59:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 අප්‍රේල් මස 22 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල උත්වයකින් බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.
21st April 2024 20:49:11 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 24 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධුරයෙන් නික්ම යන ලදී.
05th March 2024 07:33:45 Hours
ආඥාපති,ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙශ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ සංකල්පයක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධනාගාරය 2024 මාර්තු මස 03 වන සෙනසුරාදා දින විවෘත කරන ලදී.
19th February 2024 14:04:32 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයක් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල මහත් අඩුවක්ව පැවති දේශණ ශාලාවක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරියේ නියුතු රියදුරු සෙනීන් හා සිවිල් කාර්ය මණ්ඩලය වෙත නවතමයෙන් ඉදිකිරීමට යෝජිත භඨ නිවාසය සඳහා සුභ මොහොතින් මුල් ගල තැබීම 2024 පෙබරවාරි මස 13 වන අඟහරුවාදා දින ආගමික වතාවත් මධ්‍යයේ බොරැල්ලෙහි පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
25th January 2024 12:06:35 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස සිය ධුරයේ අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන්
14th December 2023 08:09:10 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2023 දෙසැම්බර් මස 12 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල උත්වයකින් බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.
11th November 2023 16:23:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වල දරුවන් සඳහා නමින් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අති සාර්ථකව සංවිධානය කරන ලදී. ඒ අනුව එහි දි එක් ත්‍යාග කට්ටලයක වටිනාකම රු. 20000.00 වන පරිදි රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් 57 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.
06th July 2023 11:14:57 Hours
රට තුල පැවති කුරිරු ත්‍රස්ථවාදය හමුවේ ක්‍රියාන්විතයේදී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පූජා කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි කටයුතු සිදුකල වීරෝධාර රණවීරවරියන් 25 දෙනා සිහි කරනු වස් තත් සෙබළියන් හට ගෞරවයක් වශයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිමානය ඉහල නැංවීමේ උදාරතර සංකල්පය පෙරදැරිව ඉදි කිරීමට යෝජිත රණවිරු ස්මාරකය සඳහා සුභ මොහොතින් මුල් ගල තැබීම බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි මස 06 වන දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
28th March 2023 14:37:51 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24 වන දින 5 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහිද, මාර්තු මස 27 හා 28 යන දෙදින තුල 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කළුඅග්ගලහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
02nd March 2023 16:02:45 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ තවත් එක් මානූෂීය මෙහෙවරක් ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය (මුලතිව්) විසින් කොළඹ රාජකිය මහා විද්‍යාලය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ආදි සිසුන්ගේ පුර්ණ මූල්‍ය දායකත්වය සහ අනුග්‍රහකත්වය මත මුලතිව් චෙම්මලෙයි දමිළ මහා විද්‍යාලය සහ කෝකිලායි සිංහල පාසලේ දරුවන් 200ක් සඳහා ඔවුන්ගේ හෙට දවස නගා සිටුවීම සඳහා අවැසි පාසල් පොත් හා උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි මස 28 වන දින චෙම්මලෙයි දමිළ මහා විද්‍යාලාය් දී ඉතා සාර්ථකව පවත්වන ලදී