Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th July 2023 11:14:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්ගේ සුරතින් අභිනවයෙන් ඉදිකරන රණවිරු ස්මාරකය සඳහා මුල් ගල තබන ලදි

රට තුල පැවති කුරිරු ත්‍රස්ථවාදය හමුවේ ක්‍රියාන්විතයේදී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පූජා කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි කටයුතු සිදුකල වීරෝධාර රණවීරවරියන් 25 දෙනා සිහි කරනු වස් තත් සෙබළියන් හට ගෞරවයක් වශයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිමානය ඉහල නැංවීමේ උදාරතර සංකල්පය පෙරදැරිව ඉදි කිරීමට යෝජිත රණවිරු ස්මාරකය සඳහා සුභ මොහොතින් මුල් ගල තැබීම බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි මස 06 වන දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක හා ආඥාපති ආරක‍්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම හා ප්‍රධානත්වය මත පවත්වන ලද මෙම උත්සව අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්/නිලධාරීණීයන් මෙන්ම 1ශ්‍රිලයුකාබහි අණදෙන නිලධාරිණිය සමගින් සියළු නිලයන් සහභාගී වූහ.

තවද, මීට සමගාමීව කර්නල් සේනාවිධායකතුමන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හා 1 ශ්‍රිලයුකාබහි කඳවුරු සංචාරයක නිරත වෙමින් නිලධාරිණියන්ගේ සහ සෙසු නිලයන්ගේ වෙත පැන නැගී තිබෙන ගැටළු පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගයන් පිළිබඳව මධ්‍යස්ථාන සේනාවිධායක ,ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළු නිලයන් සමගින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.