Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

14th December 2023 08:09:10 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2023 දෙසැම්බර් මස 12 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල උත්වයකින් බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.