Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th November 2023 16:23:09 Hours

මෙවර 'රණවිරු අභිනන්දන පූජා 2023' ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව සමඟින් අති සාර්ථකව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වල දරුවන් සඳහා නමින් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අති සාර්ථකව සංවිධානය කරන ලදී. ඒ අනුව එහි දි එක් ත්‍යාග කට්ටලයක වටිනාකම රු. 20000.00 වන පරිදි රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් 57 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිතුරු කැල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථ මිතුරු කැල සමඟින් කලගුණ අගයන සකල ශ්‍රී ලංකාවාසී/ලෝකවාසී මිතුරු කැල සංකල්පය හී, මෙහෙයවීම සහ සම්බන්ධීකරණ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලී විජේසේකර මැතිණිය, උප සභාපතිණි ඉඳුනිල් ජයකොඩි මැතිණියගේ ද පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ සංකල්පයක් සහ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ මෙහෙවර සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ එම පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක, සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ 'අතහිත පදනමේ' ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීනියන්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ පරිත්‍යාගලාභීන් රැසක් එක්ව සිටියහ.