Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

02nd March 2023 16:02:45 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සංවිධානය කරන ලද තවත් සමාජ මෙහෙවරක්.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ තවත් එක් මානූෂීය මෙහෙවරක් ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය (මුලතිව්) විසින් කොළඹ රාජකිය මහා විද්‍යාලය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ආදි සිසුන්ගේ පුර්ණ මූල්‍ය දායකත්වය සහ අනුග්‍රහකත්වය මත මුලතිව් චෙම්මලෙයි දමිළ මහා විද්‍යාලය සහ කෝකිලායි සිංහල පාසලේ දරුවන් 200ක් සඳහා ඔවුන්ගේ හෙට දවස නගා සිටුවීම සඳහා අවැසි පාසල් පොත් හා උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි මස 28 වන දින චෙම්මලෙයි දමිළ මහා විද්‍යාලාය් දී ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක සේනා ආඥාපති මුලතිව් සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යුඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශාමලී විජේසේකර මැතිණිය ඇතුළු රාජකීය විද්‍යාලයීය හා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයින් නියෝජනය කරමින් ප්‍රසාද් ලොකු බාලසුරිය යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවන ලදී.

විවිධ ආර්ථික අපහසුතා සහිත එම දුවා දරුවන්ට තම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අත්වැලක් සැපයීම මෙම පරිත්‍යාගයේ මුලික අභිලාශය වන අතර මෙය ආරක්ෂක සේනා ‍මුලස්ථානය මුලතිව් හි පූර්ණ අධීක්ෂණය යටතේ 59 වන පාබල සේනාංක මුලස්ථානය හා 593 වන පාබල බළසේනාව මඟින් මුලිකත්වය මත සංවිධානය කරන ලදී.