27th August 2024 13:10:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීණියන්ගේ පෞර්ෂත්වය , වෘත්තීය කුසලතාවයන් සහ ඉදිරි ප්රගමනය වර්ධනය කිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2024 හි දෙවන කාර්තුව සදහා වන නිලධාරීණි පුහුණු දින වැඩසටහන 2024 අගෝස්තු මස 14 වන දින බොරැල්ල ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණයෙන් පැවැත්වූ මෙම පුහුණු වීම් දින වැඩසටහන සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීනියන් රැසක් සහභාගි වූහ.
18th August 2024 20:32:01 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 19 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් පී එම් එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 අගෝස්තු මස 13 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
18th August 2024 20:01:41 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 18 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් ජෙනරල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් බොරැල්ල පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2024 අගෝස්තු මස 12 වන දින පැවති අතර, එහිදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් සමඟින් ගෞරවාචාරය පුදකරනු ලැබිය. එමෙන්ම සියළු නිලයන් ඇමතිමේදි එතුමන්ගේ විශිෂ්ඨ සේවය අගයනු පිණිස එතුමන් වෙත කර්නල් සේනාවිධායක ඇතුළු සියළු නිලයින් වෙතින් සමරු ඵලකයක්ද පිරිනමන ලදි.
23rd July 2024 16:45:21 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම මාතෘ භූමියට අමිල සේවාවක් ඉටු කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධයක ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත උත්තමාචාර පිරිනැමීමේ උළෙලක් 2024 ජූලි 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බොරැල්ලේදී පවත්වන ලදී.
10th July 2024 13:01:33 Hours
ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත. එම සුදුසුකම් ලැබීමේ කාලය 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ අතර, මෑත කාලීනව ඇයගේ තරඟ වාර්ථා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඉවහල් වී ඇත. ඇය ලෝක මළල ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම ලබාගෙන, මේ වනවිට 26 වන ස්ථානයේ පසුවෙයි. ක්‍රීඩිකාවන් 32 දෙනෙකු මෙම ක්‍රීඩා උළෙල සඳහා තෝරාගැනීමට නියමිතය.
26th June 2024 21:37:58 Hours
56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්විම හා උපදෙස් මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකකයන් අතර පවත්වන ලද අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය-2024, ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කළුඅග්ගල හිදී 2024 ජුනි මස 14 වන දින අති සාර්ථකව පවත්වන ලදි.
09th June 2024 12:04:09 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 30 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කළුඅග්ගලහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
06th June 2024 16:21:33 Hours
56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස මස 27 වන දින පවත්වන ලදී.
06th June 2024 16:11:57 Hours
පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මැයි මස 30 වන දින සංවිධානය කරන ලද අන්තර් ඒකක නෙට්බෝල් තරඟාවලිය - 2024 හි, ශූරතාවය හිමිකර ගැනීමට පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සමත් විය.
28th May 2024 20:28:58 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී