Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

29th August 2024 08:25:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම සහ 2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024, 56 පාබල සේනාංකය - කොක්එළිය, වවුනියාවේදී අවසන් මහා තරඟයට තරඟ කළහ.

2024 අගෝස්තු 21 වන බදාදා දින අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී විය.

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිළධාරී මේජර් එම්පී සිංහාරගේ ශ්‍රීලයුකාබගේ අධීක්ෂණයෙන් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි භට පිරිස් විසින් මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කරන ලදී.

ක්‍රිකට් ශූරතාවය ලබාගැනීම වෙනුවෙන් පිළිවෙලින් රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම, 1වන, 7වන, 2(සෙව්) සහ 3(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායන්හි ක්‍රිකට් කණ්ඩායම් 5ක් මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගීවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම සහ 2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම අතර අවසන් මහා තරඟය ඔල්වරසන් හා අත්පොලසන් හඬ මධ්‍යයේ ආරම්භ වූ අතර තරඟාවලියේ ශූරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම විසින් අත්පත් කර ගන්නා ලදී. තරඟාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම නියෝජනය කළ නි/11220 ලුතිතන් ඕඑස්එන් ජයවර්ධන ශ්‍රීලයුකාබ විසින් දිනා ගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වන 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් ශූරතා කුසලාන සහ කුසලතා සම්මාන බෙදා දෙන ලදී. තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වන කර්නල් බීඒටීඑස්කේ බස්නායක ආර්එස්පී යූඑස්පී අයිජී, 7වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිළධාරී මේජර් එම්පී සිංහාරගේ ශ්‍රීලයුකාබ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් බලකායන්හි සියලුම සෙසුනිලයින් අවසන් මහා තරඟය නැරඹීමට සහභාගී විය.