Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

05th October 2024 10:25:32 Hours

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලිය - 2024 ශූරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට

ශ්‍රි ලංකා යුද්ධ හමුදා නෙට්බෝල් සංගමය වෙතින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලිය - 2024 සැප්තැම්බර් මස 28 වන දින යුහශාආපූපා - පනාගොඩහිදී පැවැත්වූ අතර, එහිදී මෙවර ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය සමත් විය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා නෙට්බෝල් සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිෙග්ඩියර් පීඑම්එස් කරුණාරත්න පීඑස්සී සමඟ බ්‍රිෙග්ඩියර් එල්කේටී ෆර්නැන්ඩු - යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය. මෙම තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සමඟ කණ්ඩායම් පහක් සහභාගීවූ අතර, තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායම හිමිකර ගනු ලැබීය.

තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනිය ඇතුළු අනෙකුත් රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

තරඟාවලිය පුරා සුවිශේෂි දක්ෂතා දැක්වු ක්‍රීඩිකාවන් වූයේ

තරඟාවලියේ නැගී එන ක්‍රීඩිකාව - කෝප්‍රල් අඹේගොඩ ඒඑල්එස් ශ්‍රිලයුවෛබ

දක්ෂතම පන්දු විදින්නිය - කෝප්‍රල් වාසනා ආර්ඩීජී ශ්‍රිලයුපොදුසේබ

දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව - කපිතන් තෙන්නකෝන් ශ්‍රිලයුකාබ

දක්ෂතම පන්දු රකින්නිය - ලා/කෝ බාලසූරිය ඩීඒඑස්එන් ශ්‍රිලයුපොදුසේබ

නෙට්බෝල් රැජිණ - ලා/කෝ සේනාරත්න කේකේඑස්පී ශ්‍රිලයුපොදුසේබ