Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

25th January 2024 12:06:35 Hours

ශ්‍රීලයුකාබ කර්නල් සේනාවිධායක සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිල කඳවුරු සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස සිය ධුරයේ අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව 2024 ජනවාරි මස 19 දින 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිල කඳවුරු සංචාරයක නිරත විම සිදු කරන ලදි. එහිදි මෙතුමන් ඒකකය තුල නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, පවතින පාලන ගැටළු පිළිබඳව මුලික අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් පිලිතුරු මෙන්ම ඒකකයේ ඉදිරි කටයුතු සඳහා අණ දෙන නිලධාරිණි වෙත තවදුරටත් උපදෙස් සහ මගපෙන්විම ලබා දෙන ලදි.

තවද, මෙම කඳවුරු සංචාරය සඳහා රෙජිමේන්තුව නියෝජනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිළධාරීන් සහ නිළධාරිණියන් ද සහභාගි වූහ.