19th February 2023 12:40:00 Hours
73 වැනි සංවත්සර බළකා දින සැමරුම් උත්සවයට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන ලද ඉසේබ නිලධාරී නිවස්න සාදය 2023 පෙබරවාරි 18 වැනි දින ‘හෝම් ඔෆ් ක්‍රියේටර්ස්‘ පනාගොඩ හිදී පැවැත්විණි. ඉසේබ සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් සහ ඔවුන්ගේ කාලාත්රයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේ එම් එස් කුමාර සහභාගි විය.
13th February 2023 16:10:00 Hours
මේජර් ටී ජී එස් සී තලගහවත්ත යූඑස්පී එල්එස්සී ඉසේබ 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි ලෙස 2023 පෙබරවාරි මස 10 වන දින වාසවිලාන් හි පිහිටි 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
31st January 2023 15:32:15 Hours
වසර 28 ක ආදර්ශමත් සහ විශිෂ්ඨ සේවයක් ඉටුකරමින් 2023 පෙබරවාරි 02 දින යුධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත 1 බලකායේ බ්‍රිගේඩියර් (පාලන හා භකාස) ලෙස සේවය කල බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023 ජනවාරි 31 දින සමුදීමේ උත්සවය පවත්වන ලදී.
11th January 2023 14:31:01 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරය නිමිත්තෙන් 2023 ජනවාරි මස 10 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංගීත සංන්ධ්යාවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මැතිණිය සහභාගී විය.
11th January 2023 11:32:20 Hours
07th January 2023 14:17:12 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව වාර්ෂික රණවිරු අනුස්මරණ උත්සවය 2023 ජනවාරි 06 වැනි දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකය වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පුෂ්පෝපහාර පුද කර මිය ගිය රණවිරුවන් සිහිකරන ලදී.
07th January 2023 14:05:15 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ඉසේබ මියගිය රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමට සහ ඉසේබ හි සේවයේ නියුතු අයවළුන් හා ලක්වැසියන් හට මෙන්ම ඉසේරෙ ධජයන්ට සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් 2023.01.06 වන දින රාත්‍රී සිට පසුදා පහන්වන තුරු රෙමඉසේබ සියළුනිල භෝජනාගාරයේදී පැවැති අතර, මේ සඳහා සධාතුක කරඬුව හා ගරුතර මහා සංඝරත්නය වැඩවීම අලංකාර පෙරහැරකින් සිදුකරන ලදි. තවද පසුදින ගරුතර මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමද සිදුකරන ලදි.
05th January 2023 14:12:11 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට සෙත් පැතීම වෙනුවෙන් වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහිදී පූජාවක් 2023.01.03 වන දින පැවැත්විණි.
05th January 2023 11:57:01 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට හා ධජයන්ට සෙත් පැතීම පිණිස සංවිධානය කරනලද කතෝලික දේව මෙහෙය 2023.01.03 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. හෝමාගම මීසමේ ගරු ඇන්ටන් තිළිණ සමිත් සොයිසා පියතුමා සහ ෂෙහාන් මධුරංග බොතේජු දේවගැති සහෝදරයා විසින් දේව මෙහෙය, මෙහෙය වූ අතර, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එන්ජේ පෙරේරා,
03rd January 2023 14:14:20 Hours
73 වැනි සංවත්සර බළකා දින සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ඉංජිනේරු සේවා බලකා බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ සාදය, සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජනවාරි 02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි/සැර නිවස්නයේදී පැවැත්විණි.