Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th August 2023 11:08:53 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීසී පීඒස්සී ඉංජිනේරු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස 2023 අගෝස්තු 24 වන දින, පනාගොඩ, ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී පැමිණෙන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත කදවුරු සම්මාන පිරිනැමීමෙන් අනතුරුව ඉංජිනේරු සේවා බලකායේ මියගිය අභීත රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමක් ලෙස මල් වඩමක් තැන්පත් කරන ලදී. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, පැමිණි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ආචාරයක් ලෙස වර්ණවත් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ඉංජිනේරු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ආශිර්වාද පළ කරද්දී, නිල ලේඛනයකට සිය අත්සන තැබූ අතර, එය නිල වශයෙන් රාජකාරි භාර ගැනීම සංකේතවත් කළේය. වැඩ භාරගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රවේශය අසලදී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කරන ලදී.

කර්නල් සේනාවිධායක තුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වී අවසානයේ සියලුම නිලයින් ඇමතීමෙන් පසු උත්සවය අවසන් විය