15th March 2024 09:24:16 Hours
2024 මාර්තු 15 වන දින, 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව, අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එන් වී ඒ එම් විතානගේ ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ, ඒකකයේ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා හද උණුසුම් කරවන සුහද හමුවක් පවත්වන ලදී. මෙම උත්සවය ඔවුන්ගේ අමිල දායකත්වය සහ නොසැලෙන සහාය අගය කිරීමේ සංකේතයක් විය.
10th March 2024 09:08:11 Hours
2024 මාර්තු 10 වන දින, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 6 වන (ආධාරක) රෙජිමේන්තුව විසින් මාතෘ ජාතියේ නාමයෙන් දිවි පිදූ රණවිරුවන්ට සහ මියගිය විරුවන්ට ආශිර්වාද කිරීම සඳහා උත්කර්ෂවත් 'පිරිත්' සජ්ඣායනයක් සංවිධානය කරන ලදී. 6 වන (ආධාරක) රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් SUB පිළිමතලව්වේ psc විසින් බුලත් තැටියක් පිරිනැමීමෙන් පසු ආරම්භ වූ අනුනාදිත පිරිත් සජ්ඣායනයකින් රාත්‍රිය සනිටුහන් විය. මෙම වැදගත් අවස්ථාව සඳහා එක්රැස් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූ පිරිස අතර වූහ.
30th December 2022 08:59:07 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු පීඑස්සී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස 2022 දෙසැම්බර් 30 වන දින වැඩ භාර ගන්නා ලදී.
26th December 2022 17:40:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ 67 වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින උත්සව මාලාවක් මෝදර රොක් හවුස් හි පිහිටි සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
20th December 2022 09:49:07 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 67 වැනි සංවත්සරයට සමගාමීව 2022 දෙසැම්බර් 06 වැනි දින මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර් කෝවිලේදී විශේෂ හින්දු පූජාවක් පවත්වන ලද අතර, එම පූජාව සඳහා සන්නාහ සන්නද්ධ බලසේනාධිපති , මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.
27th November 2022 12:45:42 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් 2022 නොවැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිත සංවත්සර දිනය සැමරීමට පෙර කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකර උපහාර දැක්වීය. හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක රෙම ශ්‍රීලසසබ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.
26th November 2022 09:51:55 Hours
සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට නවාතැන් පහසුකම් සදහා ලබාදි තිබු නේවාසිකාගාර ගොඩනැගිල්ල අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් එම ගොඩනැගිල්ල නැවත නවීකරණ කිරිමෙන් අනතුරුව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.11.26 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදි.
04th April 2022 09:21:24 Hours
රටේ ස්ථාවරත්වය සහ ඡාතික ආරක්ෂාව සදහා සිවිල් කටයුතු වැදගත් අංගයක් වන බැවින් මෙම සංකල්පයට සමගාමීව සන්නද්ධ බලසේනාව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මග පෙන්වීම යටතේ 5 වන විමර්ශන රෙඡිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුලක් සදහා නව නිවසක් ඉදි කිරීම සිදු කරන ලදී. මෙම නව නිවස ඉදිකිරීම ආසේමු (බටහිර) සම්බන්ධීකරණය යටතේ දානපති රොහාන් ගුණසේකර මහතාගේ මූල්‍යම අනුග්‍රාහකත්වය යටතේ සිදුකරන ලදී.
02nd April 2022 15:47:40 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2022,ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රෙජිමේන්තු මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 2022 මාර්තු මස 30, 31 දෙදින තුල සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
01st April 2022 09:51:13 Hours
රොක්හවුස් කඳවුරේ සේවය කරනු ලබන නිලධාරි/සෙසුනිලයින්ගේ අවශ්‍යතා සහ කදවුරු ක්‍රීඩා පිටිය සහ යෝජිත පැසිපන්දු ක්‍රීඩාගාරය භාවිතා කරනු ලබන ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කර ගෙන නවතමයෙන් ස්ථාපනය කරන ලද මෙම අලෙවිසැල 2022 මාර්තු මස 31 වන දින සන්නද්ධ සන්නද්ධ බලසේනාව වෙතින් පවත්වාගෙන යනු ලබන කිංග්ස් කැෆේ සුභසාධක වෙළදසැලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ආපන ශාලා පහසුකම් වලින් සමන්විත අලෙවිසැලක් රොක්හවුස් ක්‍රීඩා පිටියට යාබදව මටිටක්කුලිය - පිටකොටුව මාර්ගයට මුහුණලා නවතමයෙන් ස්ථාපිත කරන ලදි.