02nd October 2024 09:46:38 Hours
සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ 32 වැනි සේනාවිධායක ලෙස කර්නල් එස් ජේ සමරසිංහ මහතා වැඩ භාර ගන්නා ලදී.
26th September 2024 15:57:31 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් 2024 සැප්තැම්බර් 26 වන දින, මානසික හා ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෙන් වූ ප්‍රීතිපුර නිවස්නය - වත්තල දී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.
25th September 2024 15:28:18 Hours
1 වන විමර්ශණ රෙජිමේන්තුව එහි 38 වන අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ආර් කේ කේ පරගහතන්ත්රී පීඑස්සී වෙත සිය ධුරයෙන් නික්මයාව නිමිත්තෙන් ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 25 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
24th September 2024 14:59:13 Hours
2024 සැප්තැම්බර් 24 වන දින, 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව, එහි 33 වන සංවත්සරය ක්ලැපන්බර්ග් යුද්ධ හමුදා කඳවුරේදී අභිමානවත්ව සමරනු ලැබීය.
03rd September 2024 22:58:09 Hours
5 වන විමර්ශණ රෙජිමේන්තුව එහි 15 වන අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් ඒ කේ ගමගේ පීඑස්සී වෙත සමු දුන්නේ ඔහුගේ බලගතු නායකත්වය සහ කැපවූ සේවය අවධාරණය කළ හෘදයාංගම උත්සවයකදීය.
22nd August 2024 08:40:04 Hours
07th August 2024 10:54:29 Hours
2024 අගෝස්තු 7 වන දින, ලුතිනන් කර්නල් ජී අයි ඩී ඩී ධර්මරත්න ආර්එස්පී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් 4 වන සන්නද්ධ රෙජිමේන්තුවේ 20 වන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලදී. ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නිල වශයෙන් වැඩ භාරගත් නව අණදෙන නිළධාරියා පිළිගැනීම සඳහා මුර සංචාරයක් ද මෙම විධිමත් හමුදා උත්සවයට ඇතුළත් විය.
03rd August 2024 08:39:34 Hours
2024 අගෝස්තු 03 වන දින, 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ 76 වන කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් සඳහා සත්කාරකත්වය සපයන ලදී. 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ මෙහෙයුම්, හැකියාවන් සහ උපකරණ පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් අන්තර් සේවා සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පැමිණි ශිෂ්‍ය නිලධාරීන් 30 දෙනෙකු රෙජිමේන්තුව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
02nd August 2024 08:24:32 Hours
6 වන රෙජිමේන්තුව (ආධාරක) ශ්‍රීලසසබ කඳවුරු පරිශ්‍රයේදී උත්සව මාලාවකින් සිය 17 වන සංවත්සරය සමරන ලදී. දිනය ආරම්භ වූයේ හමුදා සම්ප්රදාය සහ විනය විදහා දක්වන කඳවුරු මුරයකිනි. අණදෙන නිළධාරී විසින් වර්ධනය සහ තිරසාර බව සංකේතවත් කරමින් පැළයක් රෝපණය කරන ලද අතර, රෙජිමේන්තු එකමුතුකම ඉස්මතු කරන ලද සියළු නිල සමූහ ඡායාරූපයක් ලබා ගනී.
01st August 2024 01:30:54 Hours
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2024 අගෝස්තු 01 වැනි දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.