Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

සංඥා පුහුණු පාසල - ශ්‍රී ලංකා සංඥා බලකාය

1964 දී ශ්‍රී ලංකා සංඥා බලකා‍යේ පළමුවන රෙජිමේන්තුව යටතේ සංඥා බලඝනය පනාගොඩදි පිහිටුවන ලදී. 1991 දි ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ, සංඥා පුහුණු බලඝනය සංඥා පාසලක් බවට ඉහළ නංවන ලදී. 1991 ජූලි 15 වන දින මෙම පාසල ලෝක උරැම නගරයක් වන දින මෙම පාසල ලෝක උරැම නගරයක් වන නුවරදි පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ශිඝ්‍ර ව්‍යාප්තියක් සමග සංඥා පාසලේ විකසනයක්ද සිදුවු අතර එමගින් සංඥා පුහුණු පාඨමාලාවන්ට පමණක් සීමා නොවි පුළුල් පරාසයක පුහුණු පාඨමාලා පවත්වන ලදි. එතැන් සිට සංඥා පාසල " තාක්ෂණයෙන් පිරිපුන්ව" (Technological sound) යන ආදර්ශ පාඨය යටතේ වැඩ කරමින් ඉහළ ප්‍රමිතියක් පවත්වාගත් අතර පුහුණු කේන්ද්‍රයේ දක්ෂතා සහා කුසලතාවයන් පෙන්වූවේය.

සංඥා පාසල ,පුහුණු පාසලක් වශයනේ එහි රාජකාරි සිය උපරිමයෙන් සිදුකරනු ලැබුවේ සංඥාකරුවන්ට සහ යුධ හමුදාවේ පිරිස් වලට සංඥා කටයුතු සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීමෙන් පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්ට සහ සෙසු නිළයන්ට විවිධ පාඨමාලා පැවැත්වීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ රණක්ෂිතයට පත් අයගේත්, සේවයේ නියුතු සහ විශ්‍රාම ලත් අයගේ දරුවන්ට පරිගණක පාඨමාලා පැවැත්වීම මගිනි.

රටෙහි ඵලදායි සහ ක්‍රියාශීලි තරැණ සහ වැඩිහිටි පරම්පරාවක් නිශ්පාදනය කිරිම අරමුණ කර ගනිමින් අභියෝග රාශියකට මුහුණ දීම් මධ්‍යයෙහි නායකත්ව ගුණාංග සහ ධනාත්මක චින්තනය සංවර්ධනය කිරීමේ දැක්ම සහිතව පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම සදහා සංඥා පාසල තෝරා ගන්නා ලදි. සංඥා පාසල මගින් මෙම වැඩසටහන පවත්වනු ලබනුයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිළධාරී වශයෙන් බදවා ගන්නා ලද උපාධිධාරීන් සදහාය.

මිනිසුන්ගේ ආරක්ෂාව සදහා මානුශීය මෙහෙයුම් අතරතුරදී ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව යුධ හමුදාව ක්‍රියා කල ආකාරය හා සමානව ක්‍රියා කරමින්, ස්වභාවික විපත් සහ අනෙකුත් හදිසි තත්ව වලදී ආරක්ෂාව සහ සහයෝගය ලබා දීමට මහජනතාව සමග සොල්දාදුවන් එක් කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ හේතුවෙන්, නුවර මිනිසුන් අතර සංඥා පාසල ජනප්‍රියත්වයට පත්ව ඇත. ප්‍රදේශයේ පොදු අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සහ දළදා මාලිගාවේත් අනෙකුත් පන්සල් සහ ආගමික ස්ථාන සදහා මෙහි සේවය දිගු කිරීම හේතුවෙන් ද මෙය ජනතාව අතරේ ප්‍රචලිත වී ඇත.

ප්‍රධාන උපදේශක වශයෙන් එහි පළමු පියවර කපිතන් කේඑම්ආර්පී කරුණාතිලක ඉදිරියට තැබූ අතර පසුකාලීනව මේජර් ඒඒ පෙරේරා පාසලේ වැඩ බලන ආඥාපති බවට පත් විය. එතැන් සිට සංඥා පාසල ආඥාපතිවරු විසි දෙනෙකු යටතේ ක්‍රියාත්මක විය.

නම සිට දක්වා
මේජර් ඒඒ පෙරේරා 1993.12.27 1994.09.14
මේජර් අාර්ඒ කඩුවෙල 1994.09.15 1995.03.20
මේජර් අාර්ඒඑස් රණසිංහ 1995.03.21 1995.11.01
මේජර් ඒටී බනාගොඩ ආර්එස්පී 1995.11.04 1996.01.15
මේජර් එන්එම් හෙට්ටිආරච්චි 1996.01.16 1996.04.20
මේජර් කේආර්පී රොවෙල් 1996.04.21 1997.03.20
මේජර් එච්පී සෙනෙවිරත්න 1997.03.21 1998.02.23
ලුතිතන් කර්නල් කේආර්පී රොවෙල් 1998.02.24 1998.05.06
මේජර් සීඑම්ඩීපී චන්ද්‍රසේකර 1998.05.07 2000.04.27
මේජර් ඩීඒපීඑන් දෙමටන්පිටිය 2000.04.28 2000.07.16
මේජර් එම්ටී වෛද්‍යරත්න 2000.07.17 2001.06.13
ලුතිතන් කර්නල් එම්පී සිරිමල් 2001.06.13 2002.05.20
මේජර් කේඑම්ආර්පී කරුණාතාලක 2002.05.20 2002.07.31
මේජර් සීඑම්ඩීපී චන්ද්‍රසේකර 2002.07.31 2003.08.29
මේජර් ආර්ඵී කරුණාරත්න 2003.08.29 2005.08.04
ලුතිතන් කර්නල් එන්එම් හෙට්ටිආරච්චි ඵීඑස්සී 2005.08.04 2005.10.19
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒපීකේ තිලකරත්න ඵීඑස්සී 2005.10.20 2006.10.26
මේජර් ආර්එම්පීඑස්බී රත්නායක (Officiating) 2006.10.27 2007.01.22
ලුතිතන් කර්නල් එච්පී සෙනෙවිරත්න 2007.01.23 2008.04.01
ලුතිතන් කර්නල් එන්පී ආකුරන්තිලක 2008.04.02 2009.12.01
ලුතිතන් කර්නල් එස්එච්ඵීඩී තිලකරත්න ආර්එස්පී 2009.12.02 2010.12.07
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සී 2010.12.08 2012.03.26
ලුතිතන් කර්නල් ආර් ඇල්විටිගල 2012.03.26 2013.12.11
කර්නල් කේඒඩබ්ලිව්එස් රත්නායක 2013.12.12 2017.02.08
කර්නල් අයිඑච්එම්ආර්කේ හේරත් යූඑස්පී පීඑස්සී 2017.02.08 2018.04.11
කර්නල් බීඅයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී 2018.06.05 2019.12.13
ලුතිතන් කර්නල් එස්ජේකේඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී 2019.12.14
කර්නල් බීඩී ප්‍රනාන්දු යූඑස්පී පීඑස්සී මේ දක්වා