2009 වර්ෂයේ දී වසර 30 ක දිගුකාලීන යුද්ධය සාර්ථකව මුලිනුපුටා දැමීමෙන් පසු ශ්‍රී ලංකා යුධ හමුදාව යුධ හමුදාවේ තාක්ෂණික දියුණුව කරා යාමේ ප්‍රථම අධියර ආරම්භ කරන ලද්දේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය ස්ථාපිත කිරීමෙනි. යෙ යුද්ධය අවසන් කිරීමෙන් පසු පිහිටවූ ප්‍රථම අධ්යක්ෂ මණ්ඩලය වේ.තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය “ARO/2010” මගින් 2010 මාර්තු 01 වන දින නංවන ලදී.
තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රධාන සංඥා නිලධාරී මූලස්ථානය සමග සම්බන්ධව මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරීගේ ආඥාව යටතේ පනාගෙඩ හමුදා ජනපදයේ පිහිටා ඇත.
මෙම කාලය තුල පහත සදහන් නිලධාරීන් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක වරුන් ලෙස කටයුතු කළහ.
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකවරුන්
නම | සිට | දක්වා |
---|---|---|
බ්‍රිගේඩියර් එස්ජේ වික්‍රමසිංහ යූඑස්පී | 01.03.2010 | 14.05.2013 |
කර්නල් එස්ටීඑස් ද සිල්වා (Officiating) | 15.05.2013 | 27.05.2014 |
බ්‍රිගේඩියර් කේඑම්ආර්පී කරුණාතිලක පීඑස්සී | 27.05.2014 | 06.09.2017 |
බ්‍රිගේඩියර් ඩීඒපීඑන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී | 06.09.2017 | 16.04.2018 |
බ්‍රිගේඩියර් එන්පී අකුරන්තිලක | 16.04.2018 | 26-12-2019 |
බ්‍රිගේඩියර් පීඒජේ පීරිස් එන්ඩීයූ | 27-12-2019 | 10-10-2020 |
මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ | 10-10-2020 | 20-01-2021 |
කර්නල් කේසී ප්‍රතාපසිංහ | 21-01-2021 | 04-02-2021 |
බ්‍රිගේඩියර් කේසී ප්‍රතාපසිංහ | 04-02-2021 | 22-02-2022 |
බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී | 23-02-2022 | 18-08-2023 |
කර්නල් එච්ඩීජේපී වීරතුංග | 06-09-2023 | 26-09-2023 |
බ්‍රිගේඩියර් එච්ඩීජේපී වීරතුංග | 26-09-2023 | 19-03-2024 |
බ්‍රිගේඩියර් එස්ජේකේඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී | 27-03-2024 | අද දින දක්වා |