Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

2 සංඥා බළසේනා මූලස්ථානය (බල ප්‍රවර්ධන හා ප්‍රක්‍ෂේපණ නියාමන)

2 සංඥා බළසේනා මුලස්ථානය (බල ප්‍රවර්ධන සහ ප්‍රක්‍ෂේපණ නියාමන) හචනි 93/2023 නගා සිටවීමේ නියෝගය මගින් 2023 ඔක්තෝබර් මස 30 වන දින සිට යුද්ධ හමුදාධිපති තුමන් විසින් අනුමත කරන ලද අතර, 2023 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය, පනාගොඩ හිදී ස්ථාපිත කරන ලදී. මෙම බළසේනාව ප්‍රධාන සංඥා නිලධාරී මූලස්ථානය යට‌තේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, එය 2023 දෙසැම්බර් මස 29 වන දින යුද්ධ හමුදාපති තුමන් විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී.

2 සංඥා බළසේනා මුලස්ථානයෙහි කාර්යභාරය වනුයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම ආකාරයේ සංග්‍රාමික සහ සංග්‍රාමික නොවන ක්‍රියාන්විතයන් සඳහා අවශ්‍ය විද්‍යුත් සංග්‍රාමික, සයිබර් ආරක්‍ෂණ සහ කෘතීම බුද්ධි ක්‍රියාන්විතයන්හි ඵලදායි දායකත්වයක් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඒ වෙනුවෙන් සිදුකරනු ලබන ක්‍රියාන්විත වෙනුවෙන් තොරතුරු තාක්‍ෂණ ක්‍රියාන්විත සිදු කිරීම සහ දායකත්වයක් ලබාදීමයි.

දැනට මෙම 2 සංඥා බළසේනා මූලස්ථානය යුද්ධ හමුදා කඳවුර, මෙනේරිගම, පාදුක්ක හි ස්ථානගත වී ඇත.

2 සංඥා බළසේනාව (බල ප්‍රවර්ධන සහ ප්‍රක්‍ෂේපණ නියාමන) බළසේනාධිපතිවරුන්

නම සිට දක්වා
බ්‍රිගේඩියර් ඒකේඩී අධිකාරි යූඑස්පී 04.12.2023 15.01.2024
ලුතිතන් කර්නල් එල්එන්පී ලියනගේ ශ්‍රීලංසංබ (වැඩ බලන) 15.01.2024 13.03.2024
බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී 13.03.2024 03.12.2024
බ්‍රිගේඩියර් ඒකේඩී අධිකාරි යූඑස්පී එන්ඩීසී 04.12.2024 27.03.2025
බ්‍රිගේඩියර් ඊඑන්පී ගුණවර්ධන යූඑස්පී 27.03.2025 මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 0114664044
යුහ දිගුව - 57093