Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

යුද්ධ හමුදාවේ තොරතුරු ආරක්‍ෂාව පිළිබඳ අනාගත අභියෝග ජයගැනීම සඳහා 12 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය (සයිබර් ආරක්‍ෂණ) 2017 ජනවාරි 25 වැනි දින ආරම්භ කර පනාගොඩ සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ස්ථාපනය කරන ලදී. මෙම රෙජිමේන්තුවේ කාර්ය භාරය සහ කර්යය වගකීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කිරිම වෙනුවෙන් ඒකක සංස්ථාව සකස්කොට ඇති අතර ඒ සදහා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් අනුමැතිය ලබා දී ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ දැනුම සමස්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළම අත්‍යවශ්‍ය සහ වැදගත් සාධකයක් වී ඇති හෙයින්, යුද්ධ හමුදාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය මත පුළුල් ලෙස ප්‍රයෝජනයට ගන්නා නිසාත්, ජාල භාවිතය තුළින් ඒ ආශ්‍රිත සයිබර් තර්ජනයන්හි වේගවත් වර්ධනයක් සිදුවිම තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුරක්ෂිත අනාගත ගමන් මග සනිටුහන් කරමින් 2017 වසරේ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති හමුදා නියෝගයන් මගින් ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කර ඇත.

මීට අමතරව, අනාගතයේදී සිදුවිය හැකි සයිබර් අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය සයිබර් ආරක්ෂාව පිළිබඳ උසස් පුහුණුවක් තිබිම අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන 2017 වසරේ සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන්ගේ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. වර්තමානය සහ අනාගතය තුළ 12 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය (සයිබර් ආරක්ෂාව) සංඥා රෙජිමේන්තු බලකායේ සංවිධානය තුළ අත්‍යවශ්‍ය ඒකකයක් වන අතර එය යුද්ධ හමුදාවට මෙන්ම අනෙකුත් බාහිර කටයුතු සඳහා අවශ්‍ය සයිබර් ආරක්‍ෂාව සහ අදාළ ක්‍රියාකාරකම් සඳහා ඉතා වැදගත් වේ.

තවද මෙම ඒකකය සංඥා රෙජිමේන්තුව පනාගොඩ ස්ථාපනය කර තිබූ අතර ඒකකය තවත් ඉදිරි පියවරක් තැබීම වෙනුවෙන් 2024 නොවැම්බර් මස 19 දින සිට කොස්ගම සාලාව කඳවුරු පරිශ්‍රයෙහි නවතමයෙන් ස්ථාපනය කර සයිබර් ආරක්ෂණ රාජකාරින් නිසි අයුරින් ඉටු කරමින් පවතී.

ඒකක අණදෙන නිලධාරින්ගේ වෙනස්වීම් විස්තරය

කර්නල් එස්පිපි පක්ෂවීර 2017.01.25 - 2018.08.09
ලුතිනන් කර්නල් කේසි ප්‍රතාපසිංහ 2018.08.09 - 2019.09.09
කර්නල් කේසි ප්‍රතාපසිංහ 2019.09.10 - 2020.07.03
ලුතිනන් කර්නල් ඊඑන්පි ගුණවර්ධන යුඑස්පි 2020.07.03 - 2021.05.18
කර්නල් ඊඑන්පි ගුණවර්ධන යුඑස්පි 2021.05.18 - 2022.01.13
කර්නල් කේවිපි ධම්මික යුඑස්පි පිටිඑස්සි 2022.01.13 - 2023.04.17
ලුතිනන් කර්නල් ඩබ්ආර්එම්ආර් වික්‍රමසිංහ යුඑස්පි 2023.04.18 – 2023.10.10
කර්නල් ඩබ්ආර්එම්ආර් වික්‍රමසිංහ යුඑස්පි 2023.10.10 - 26.12.2024
ලුතිනන් කර්නල් එන්ඩබ්පිජිපි ඉන්ද්‍රජිත් යුඑස්පි 2024.12.26 - මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 011-2086080
යුහ දිගුව -57789