1980 දශකයේ මුල් භාගය තුලදි INCLAIR පරිඝණකය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල භාවිතය ආරම්භ වීමත් සමඟ තොරතුරු තාක්‍ෂණ හා දත්ත ක්‍රමවත් සැලසුම්කරණයකින් පරිගණකගත කිරීමේ අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. ඉහත අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා 1985 වසරේදී පරිඝණක කමිටුවක් යුද්ධ හමුදා මූලස්ථාන පැරණි ගොඩනැගිල් ගුල ස්ථාපනය කරනු ලැබූ අතර, එහි කමිටු සභාපති ලෙස බ්‍රිගේඩියර් ජීජීටීටී ඇලපාත යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පත්කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ස්වයංක්‍රිය දත්ත සැකසුම් සේවය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර 1988 ජූනි මස 1 වන දින මාණ්ඩලික නිළධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එය ආරම්භ කරන ලදි. මෙහිදි පළමු මාණ්ඩලික නිලධාරියා වුයේ ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් ඒඑස් වරකාගොඩ ය. එම කාලයේදි ශ්‍රී ලංකා යුද හමුදාව පරිගණක 18 කින් සමන්විත වු අතර ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ක්‍රියාකරුවන්ගෙන් සමන්විත විය. පසුකාලීනව 1989 අගභාගය වන විටදී පරිඝණක 50 ක් දක්වාත්, නිළධාරීන් 20 ක් හා සෙසුනිළයන් 25 ක් දක්වාත් ඉහල නැංවීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකියාව ලැබුණි.
ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පරිපාලන කටයුතු සදහා තාක්ෂණයේ වැදගත්කම හදුනාගත් අතර, ඉන් පසුව 1990 අගෝස්තු 23 දින ස්වයංක්‍රීය දත්ත සැකසුම් ඒකකය (EDPU) පිහිටුවන ලදි. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවර්ධනය සහ පරිගණක තාක්‍ෂණය යෙදවීම සදහා ඉදිරියෙන් තබන ලද තවත් පියවරක් විය.
එකම තාක්ෂණය සහ මාධ්‍ය භාවිතා කිරීම මගින් එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනගිය අතර යුධ හමුදාව මගින් ඔවුන්ගේ ක්‍රියාවට එරෙහිව පියවර ගැනීමට අදිටන් කර ගත්තේය. එහි ප්‍රථිඵලයක් වශයෙන් පිටියෙහි සැබවින් සිදුවන්නේ කුමක්ද යන්න ලෝකයට පෙන්වා දීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් www.army.lk නමින් වෙබ් අඩවියක් දියත් කරන ලදි. ක්ෂේත්‍රයට තොරතුරු තාක්ෂණ සංවර්ධනය සහ නව තාක්ෂණයේ ආගමනයත් සමග "විද්‍යුත් දත්ත සැකසීම" නම් වූ යෙදීම යල් පැන ගිය අතර , එය නව්‍යකරණය සදහා 2003 ඔක්තොබර් මස 14 වන දින රෙජිමේන්තුවේ නම "තොරතුරු තාක්ෂණ ඒකකය" ලෙසින් පරිවර්තනය විය. එම කාලයේදී රෙජිමේන්තුව නිළධාරීන් 40 දෙනෙකුගෙන් සහ සෙසු නිළයන් 492 කගෙන් (ස්වේච්ඡා සෙනින් 94ක්) යුක්ත විය. 2009 දී තොරතුරු තාක්ෂණ ඒකකය පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි නැවත පිහිටුවන ලදි. පසුකාලීනව මෙම "තොරතුරු තාක්ෂණ ඒකකය" , "11 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය" නමින් නැවත නම් කරන ලද අතර 2010 සැප්තැම්බර් 21 වන දින රෙමශ්‍රීලංසංබ කඳවුරු පරිශ්‍රයේ ස්ථාපනය විය.
2023.09.07 වන දින 11 ශ්‍රීලංසංබ (තොතාඉ රෙජි:) ලෙස පරිවර්ථනය වූ අතර, සංස්ථා ප්‍රතිව්‍යුහගත ප්‍රථිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී රෙම ශ්‍රීලංසංබ කඳවුරු පරිශ්‍රයේ ස්ථාපනය වී තිබූ මෙම ඒකකය 2024.10.28 කොස්ගම සාලාව කඳවුරු පරිශ්‍රය තුල ප්‍රථිස්ථාපනය විය.
ලුතිතන් කර්නල් ඒඑස් වරකාගොඩ | 23/08/1991 - 16/05/1993 |
කර්නල් SJ වික්‍රමසිංහ | 16/05/1993 - 03/11/1997 |
ලුතිතන් කර්නල් එම්ාක්වීඑස් ජිනදාස | 03/11/1997 - 15/11/2000 |
කර්නල් ආර්ඒ කඩුවෙල | 05/12/2000 - 20/11/2001 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීයූ චන්ද්‍රසිරි | 20/11/2001 - 20/06/2002 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීඒකේවපී අබෙිසිංහ | 20/06/2002 - 07/03/2006 |
ලුතිතන් කර්නල් ආර්ඩී ඒකනායක | 07/03/2006 - 06/05/2008 |
ලුතිතන් කර්නල් ඩීඑල්එස්යූ ද සිල්වා | 06/05/2008 - 12/08/2010 |
ලුතිතන් කර්නල් ජීඑන්යූ ජයරත්න | 12/08/2010 - 26/06/2013 |
ලුතිතන් කර්නල් කේසී ප්‍රතපසිංහ | 27/06/2013 - 05/02/2015 |
ලුතිතන් කර්නල් එස්පීපී පක්ෂවීර | 06/02/2015 - 17/10/2016 |
ලුතිතන් කර්නල් එම්ටීසී ද සිල්වා පීඑස්සී | 17/10/2016 - 30/10/2018 |
ලුතිතන් කර්නල් ආර්සී විජේකෝන් යූඑස්පී පීඑස්සී | 07/11/2018- 21/10/2020 |
ලුතිතන් කර්නල් එස්ඩී කොතලාවල ආර්එස්පී | 22/10/2020 - 21/04/2022 |
ලුතිතන් කර්නල් ඒඑම්සීකේ ගුණතිලක | 22/04/2022 - 27/09/2023 |
මේජර් කේඑම්පීජීඊටීබී කැකුලන්දර පීඑස්සී | 27/09/2023 - 02/01/2024 |
ලුතිතන් කර්නල් කේඑම්පීජීඊටීබී කැකුලන්දර පීඑස්සී | 02/01/2024 - මේ දක්වා |
ඇමතුම් විස්තර
ස්ථාවර දුරකථන අංකය - 011-3188045
යුහ දිගුව - 55416