Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

11 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

1980 මුල් කාලයේදි ශ්‍රී ලංකා යුධ හමුදාව " SINCLAIR"නමැති පරිගණකයක් භාවිත කළේය.එම යුගයේදි තාක්ෂණයේ ප්‍රචලිත වීමත් සමගම 1985 දී "පරිගණක කමිටුව" නමින් කමිටුවක් පිහිටුවීමට තවත් ඉදිරි පියවර තබනු ලදි. පළමුවන සභාපති වූයේ බ්‍රිගේඩියර් GGTT අලපාතයි. මේ අතර පරිගණක කමිටුව මගින් යුධහමුදා පරිපාලන රාජකාරි කටයුතු පරිගණකගත කිරිම සදහා ඇති හැකියාව අධ්‍යයනය කිරිම ශ්‍රී ලංකා වාණිජ (Merchant) බැංකුවට පවරන ලදි. ශ්‍රී ලංකා වාණිජ බැංකුවේ අධ්‍යයන වාර්ථාව මගින් පෙන්වු පරිදි ශ්‍රී ලංකා යුධහමුදාව පරිගණක තාක්ෂණය අතින් සෙමින් සිදුවන සංවර්ධන/ ප්‍රගති අවධියක පවතියි. වාර්තාව අධ්‍යයනය කිරිමේන් අනතුරුව තොරතුරු තාක්ෂණය අතින් ඉදිරියට යාම සදහා හමුදාව මගින් ප්‍රතිපත්ති සකස් කෙරුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ස්වයංක්‍රිය දත්ත සැකසුම් සේවය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර 1988 ජූනි 1 වන දින මාණ්ඩලික නිළධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එය ආරම්භ කරන ලදි. මෙහිදි පළමු මාණ්ඩලික නිලධාරියා වුයේ ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් AS වරකාගොඩ ය. එම කාලයේදි ශ්‍රී ලංකා යුද හමුදාව පරිගණක 18 කින් සමන්විත වු අතර ප්‍රධාන වශයෙන් SLAWC හා SLAGSC වලින් මෙහෙයුම් කරුවන් විය. පසුකාලීනව 1989 අගභාගය වන විටදී පර්ඝණක 50ක් දක්වාත්, නිළධාරීන් 20ක් හා සෙසු නිළයන් 25ක් දක්වාත් ඉහල නැංවීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පරිපාලන කටයුතු සදහා තාක්ෂණයේ වැදගත්කම හදුනාගත් අතර, ඉන් පසුව 1990 අගෝස්තු 23 දින ස්වයංක්‍රීය දත්ත සැකසුම් ඒකකය (EDPU) පිහිටුවන ලදි. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවර්ධනය සහ පරිගණක තාද්ෂණය යෙදවීම සදහා ඉදිරියෙන් තබන ලද තවත් පියවරක් විය.

90 දශකය ශ්‍රී ලංකාවේ තාක්ෂණය අතින් වැජඹුනි. ජාලගත කිරීමේ තාක්ෂණය ක්ෂේත්‍රයේ වැදගත් සංවර්ධනයක් විය. අන්තර්ජාල පහසුකම සැපයීමත් සමගම ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් සම්බන්ධිත ප්‍රධාන ශාඛාවන් අත්පත් කර ගත්තේය.

එකම තාක්ෂණය සහ මාධ්‍ය භාවිතා කිරීම මගින් LTTE සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනගිය අතර යුධ හමුදාව මගින් ඔවුන්ගේ ක්‍රියාවට එරෙහිව පියවර ගැනීමට අදිටන් කර ගත්තේය. එහි ප්‍රථිඵලයක් වශයෙන් පිටියෙහි සැබවින් සිදුයන්නේ කුමක්ද යන්න ලෝකයට පෙන්වා දීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් www.army.lk නමින් වෙබ් අඩවියක් දියත් කරන ලදි. ක්ෂේත්‍රයට තොරතුරු තාක්ෂණ සංවර්ධනය සහ නව තාක්ෂණයේ ආගමනයත් සමග "විද්‍යුත් දත්ත සැකසීම" නම් වූ යෙදීම යල් පැන ගිය අතර , එය නව්‍යකරණය සදහා 2003 ඔක්තොබර් මස 14 වන දින රෙජිමේන්තුවේ නම "තොරතුරු තාක්ෂණ ඒකකය" ලෙසින් පරිවර්තනය විය. එම කාලයේදී රෙජිමේන්තුව නිළධාරීන් 40 දෙනෙකුගෙන් සහ සෙසු නිළයන් 492ක්ගෙන් (ස්වෙච්ඡා 94ක්) යුක්ත විය. 2009දී තොරතුරු තාක්ෂණ ඒකකය පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි නැවත පිහිටුවන ලදි. පසුකාලීනව මෙම "තොරතුරු තාක්ෂණ ඒකකය" , "ශ්‍රී ලංකා සංඥා බලකායේ 11 වන රෙජිමේන්තුව" නමින් නැවත නම් කරන ලද අතර 2010 සැප්තැම්බර් 24 වන දින මෙය RHQ SLSC හි අඥාව යටතට පත් කරන ලදි.

ලුතිතන් කර්නල් ඒඑස් වරකාගොඩ 23/08/1991 - 16/05/1993
කර්නල් SJ වික්‍රමසිංහ 16/05/1993 - 03/11/1997
ලුතිතන් කර්නල් එම්ාක්වීඑස් ජිනදාස 03/11/1997 - 15/11/2000
කර්නල් ආර්ඒ කඩුවෙල 05/12/2000 - 20/11/2001
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීයූ චන්ද්‍රසිරි 20/11/2001 - 20/06/2002
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීඒකේවපී අබෙිසිංහ 20/06/2002 - 07/03/2006
ලුතිතන් කර්නල් ආර්ඩී ඒකනායක 07/03/2006 - 06/05/2008
ලුතිතන් කර්නල් ඩීඑල්එස්යූ ද සිල්වා 06/05/2008 - 12/08/2010
ලුතිතන් කර්නල් ජීඑන්යූ ජයරත්න 12/08/2010 - 26/06/2013
ලුතිතන් කර්නල් කේසී ප්‍රතපසිංහ 27/06/2013 - 05/02/2015
ලුතිතන් කර්නල් එස්පීපී පක්ෂවීර 06/02/2015 - 17/10/2016
ලුතිතන් කර්නල් එම්ටීසී ද සිල්වා පීඑස්සී 17/10/2016 - 30/10/2018
ලුතිතන් කර්නල් ආර්සී විජේකෝන් යූඑස්පී පීඑස්සී 07/11/2018- 21/10/2020
ලුතිතන් කර්නල් එස්ඩී කොතලාවල ආර්එස්පී 22/10/2020 - 21/04/2022
ලුතිතන් කර්නල් ඒඑම්සීකේ ගුණතිලක 22/04/2022 -
ලුතිතන් කර්නල් කේඑම්පීජීඊටීබී කැකුලන්දර පීඑස්සී 27/09/2023 - මේ දක්වා