Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

05th January 2023 00:00:00 Hours

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරින් නික්මයාම

ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී 2023 ජනවාරි 05 වන දින සිය තනතුරෙන් නික්ම යන ලදි.

ඒ වෙනුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට කදවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මියගිය රණවිරුවන් සිහිකිරීම වස් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යය මණ්ඩලය සමග සමුහ ජයාරූපයකට පෙනී සීටීමෙන් පසුව පැලයක් රෝපනය කිරීම සදහා එක්වන ලදි. ඉන් පසුව ඔහු විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් අමතා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස තම ධූර කාලය සාර්ථකව නිමා කිරීම සඳහා සියලු මට්ටම් වල උත්සාහයන් ඇගයීමට ලක් කළේය. ඉන් අනතුරුව සියඵ නිල තේ පැන් සංග්‍රහය සදහා එක්වීමෙන් පසු සියළු නිලයින්ගේ සුභපැතුමි මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යන ලදි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සව මාලාව නැරඹීමට පැමිණ සිටියහ.