Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

08th June 2022 20:40:59 Hours

සංඥා බලකාධිපති තනතුරෙහි වැඩ භාරගැනීම

මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රීලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති වශයෙන් 2022.06.06 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය, පනාගොඩ හිදි සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.

ඊට සමගාමීව එදින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරී පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරය පිරිනමන ලදී. ඉන් පසුව තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරි මියගිය රණවිරුවන් සිහිකරමින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් සම්මාන මුරයක් පවත්වන ලදී. පසුව එම ඡ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් සෙසුනිල භෝජනාගාරයේදී සියඵ නිල තේපැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව නව බලකාධිපති විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සාකච්ඡා ශාලාවේදී පැමිණි සිටි සියළුම නිලධාරින් ඇමතීමෙන් පසු නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.