Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th March 2023 10:15:48 Hours

සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනිය හට සමුදීම

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2023 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා සංඥා බලකා නිලධාරි නිවස්නයේදී නික්මයන සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය වෙත සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නාලනි රත්නායක මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ලැබුවේ තුවාල ලැබූ/මියගිය සහ සේවයේ යෙදී සිටින සංඥා බලකායේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය නඟා සිටුවීමට ශෂිකා හේරත් මහත්මිය කරන ලද අමිල මෙහෙවර අවධාරණය කරමිනි.

සාමාජිකාවන් අමතමින් ශෂිකා හේරත් මහත්මිය සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිතුමියට සහ සාමාජිකාවන්ට සමුගැනීමේ උත්සවය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, ඇය සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙහි සියලුම සාමාජිකාවන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් සිහිපත් කළාය.