Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th March 2023 11:33:48 Hours

සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වැඩ භාරගැනීම

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස නාලනි රත්නායක මහත්මිය 2023 මාර්තු 11 වන දින සිය දූරයෙහි වැඩ භාර ගන්නා ලදී. ධූරයට පත්වීමෙන් පසු 2023 මාර්තු මස මාසික රැස්වීම ද එම ස්ථානයේම පැවැත්විණි. නව සභාපතිනිය සිය මංගල දේශනයේදී සංඥා බලකායේ අසරණ සාමාජිකයින් සඳහා සුබසාධන වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට අදහස් කරන බව අවධාරණය කළ අතර, ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති කිහිපයක් ද අවධාරණය කළාය.