Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

21st March 2023 00:00:00 Hours

සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් රැකියා විරහිත සෙනීන්ගේ කාලාත්‍රයන් සඳහා ගෙවතු වගාව සහ ඉවුම් පිහුම් සබැදි වැඩමුළුවක් පැවැත්වීම

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද ගෙවතු වගා සහ ඉවුම් පිහුම් පිළිබද වැඩමුළුව 2023 මාරතු 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සංඥා බලකා සේවා වනිතා සභාපතිනි වන නාලිනී රත්නායක මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත පවත්වන ලදී.

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත් දායකයින්ගේ අනුග්‍රහයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා සංඥා බළකායට අයත් අනෙකුත් ශ්‍රේණිවල රැකියා විරහිත කාලත්‍රයන් 100 කට වැඩි පිරිසකට ස්වයං රැකියා තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසීම සඳහා ඵලදායී සැසිවාර ප්‍රතිලාභ ලබා දෙන ලදි. මෙම වැඩමුළුවට සහභාගී වීමට නොහැකි සෙසු නිලයන් හි අඹුසැමියන් හට ZOOM තාක්‍ෂණය හරහා දැනුවත් කිරීමට ද පහසුකම් සලසන ලදී.

මෙම අවස්ථාව සදහා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ද සහභාගී විය.