Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th June 2022 07:41:33 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිවරිය වැඩ භාරගැනීම සහ මාසික සභා රැස්වීම පැවැත්වීම(ජුනි)

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය 2022 ජූනි 12 වැනි දින රෙජිමේන්තු නිලධාරීන්ගේ නිවස්නයේදී ශ්‍රී ලංකා සංඥා බළකායේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේහි සාමාජිකාවන් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මාසය සඳහා වන මාසික රැස්වීම ද එම ස්ථානයේම පැවැත්වුණු අතර ඉදිරි මාසවලදී සිදුකිරීමට බලාපොරොත්තු වන ඉදිරි ව්‍යාපෘති පිළිබඳව නව සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය පැහැදිලි කළාය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී, අණදෙන නිලධාරී සංඥා බලසේනා මුලස්ථානය බ්‍රිගේඩියර් බීඅයි ඇසලආරච්චි යූඑස්පී පීඑස්සී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී, නියෝජ්‍ය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක එච්ඩීජේපී වීරතුංග ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.