Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th June 2022 07:37:09 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව හිටපු සභාපතිනියගේ නික්මයාමේ උත්සවය

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2022 ජූනි 12 වන දින නික්මයන සභාපතිනි සජීවනී පීරිස් මහත්මිය වෙත චාම් සමුගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු නිලධාරීන්ගේ නිවස්නයේදී පැවැත්විණි.

පිළිගැනීමේ සටහන තබමින් සභාපතිනිය, තුවාල ලැබූ සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය නඟා සිටුවීමට සජීවනී පීරිස් මහත්මිය ඉටුකළ අමිල මෙහෙවර අවධාරණය කළ අතර,නික්ම යන සභාපතිනියට සහ ඇයගේ ආදරණීය පවුලට ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළාය.

සජීවනී පීරිස් මැතිනිය සමුගැනීමේ උත්සවය වෙනුවෙන් සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කළ අතර සියලුම සේවා වනිතා සාමාජිකයින්ගෙන් තමාට ලැබුණු සහයෝගය සහ දිරිගැන්වීම කෘතවේදීව සිහිපත් කළාය.