Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

08th January 2023 08:10:45 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව 2023 නව වසර සඳහා ආශිරවාද පතයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2023 ජනවාරි 7 වන දින කැළණිය රජ මහා විහාරස්ථානයේ දී “බෝධි පූජා පිංකම” පවත්වන ලදී. නව වසර උදාව සඳහා ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් සහ 2023 හා එළඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් මෙම “බෝධි පූජා පිංකම” සංවිධානය කරන ලදී. මෙම ආගමික වතාවත් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච් එම් එල් ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සෂිකා හේරත් මහත්මිය සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.