Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

02nd December 2023 08:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරෙන් නික්ම යන 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හට ආචාරය

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සේනාවිධායක වශයෙන් රාජකාරි කල බ්‍රිගේඩියර් ඒකේඩී අධිකාරි යුඒස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 01 වැනි සිකුරාදා දින තනතුරෙන් නික්ම යන ලදී.එදින රාජකාරී භාරදීම සඳහා රෙජිමේන්තු පරිශ්‍රයට පැමිණි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු මුරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකරමින් උපහාර දැක්විය පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ රාජකාරී නියුතු භඨපිරිස් අමතමින්, මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස තම ධූර කාලය සාර්ථකව නිම කිරීම සඳහා සියලු දෙනා දක්වන ලද සහයෝගය ඇගයීමට ලක්කල අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරී මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. අනතුරුව නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් කොනොනි සමාජ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී සහභාගිවී සිටි සියළු නිලයින් සමඟ සුහද කථාබහක නිරත විය. ඉන් පසුව රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් කාර්යාලයෙන් නික්ම යාම සඳහා පිටත්වන අවස්ථාවේදී නිලධාරීන්/සෙසුනිලයින් වීධි පෙල සාදා තම අවසන් ආචාරය පුද කිරීමෙන් පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් නික්ම යන ලදී.