Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

27th January 2023 00:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකාය අන්තර් රෙජිමේන්තු වුෂු තරඟාවලියේ ජය ලබයි

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වුෂු තරගාවලිය 2023 ජනවාරි 25 සිට ජනවාරි 27 දක්වා අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. අවසන් මහා තරඟය සහ එහි ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන අර්ඩබ්ලිව්පී ආර්එස් පී එන්ඩීයු සහභාගි වන ලදි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී විය.

සංඥා බලකා වුෂු කණ්ඩායම තරගාවලියේ රන් පදක්කම් 01ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් විය. ජයග්‍රාහකයින්ගේ විස්තර පහත පරිදි වේ.

1. රන් පදක්කම

• 75kg බර කාණ්ඩය – සෙ /287838 සංසෙ ධනංජය ඩී එම් එම් - 7 ශ්‍රීලංසංබ

2. රිදී පදක්කම්

• 48kg බර කාණ්ඩය – සෙ /280734 කෝප්‍රල් චමින්ද එච් ඩී - 7 ශ්‍රීලංසංබ

• 56kg බර කාණ්ඩය – සෙ /283177 කෝප්‍රල් අජිත් කුමාර ආර්පී - 7 ශ්‍රීලංසංබ

• 60kg බර කාණ්ඩය – සෙ /288381 සංසෙ හේරත් එච් එස් එම් ඩී - 7 ශ්‍රීලංසංබ

3. ලෝකඩ පදක්කම්

• 90kg බර කාණ්ඩය – සෙ /280008 මා/සෙ මඩවල එච් එම් එල් සී - 1 ශ්‍රීලංසංබ

• 90kg බර කාණ්ඩය – සෙ /2802147 කෝප්‍රල් විජේබණ්ඩාර එච් පී පී ඩබ්ලිව් එන් යි කේ - ශ්‍රීලංසංබ