Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

18th June 2022 07:12:02 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පළමු නිල සංචාරය

ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තම තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් පසු 2022 ජුනි 18 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

3 වන රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්ඒඩිඩබ්ලිව් හෙට්ටිආරච්චි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඒකකයේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් එතුමන් ගෞරව පුර්වකව පිළිගන්නා ලදි. එහිදි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනමන ලද සම්මාන මුරයෙන් අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති විසින් 3 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා සංඥා බලකා රණවිරු ස්මාරකය වෙත මියගිය සියලු නිලයින් සිහිකර පුෂ්පෝපහාර පුද කරන ලදි. ඉන් අනතුරුව එතුමන්ගේ ඒකක සංචාරය සනිටුහන් කරනු වස් පැළයක් රෝපණය කරන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති තුමන් විසින් ඒකකයේ සියලුම භඨ පිරිස් ආමන්ත්‍රණය කරන ලද අතර එහිදි යුද හමුදා සාමාජිකයින් විසින් තම දැනුම සහ කුසලතා ඉහළ නංවා ගැනිමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදවත් යුද හමුදා විනය මුලික කොට ගත් කුසලතා පිරි සොල්දාදුවෙකු වශයෙන් අනාගත අභියෝගයන්ට මුහුණදීම සදහා සංඥා බලකාය වෙත පැවරි ඇති කාර්යභාරය පිළිබදවත් අවධාරණය කරන ලදි.

භඨ පිරිස් ඇමතිමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වු එතුමන් ඉන් අනතුරුව නිලධාරින් දැනුවත් කිරිමේ සාකච්ඡාවක්ද පවත්වන ලදි.

අවසාන වශයෙන් ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති තුමන් විසින් සංචාරක සටහන් පොතේ සටහනක්ද තබන ලදි.