Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th December 2023 00:00:00 Hours

විශ්‍රාම යන මේජර් ජෙනරාල් ප්‍රියන්ත දසනායකට හමුදා ආචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම සංඥා බලකායට වසර 34 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකල මේජර් ජෙනරාල් ඩී. එම්. පී. පී. දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023 දෙසැම්බර් මස 12 වන අඟහරුවාදා දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනට අනුව යතුරු පැදි ආරක්‍ෂක මුර සමගින් කඳවුර වෙත පිවිසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරය පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී.පසුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර, ඉන් අනතුරුව යුධ හමුදා සාම්ප්‍රදායන්ට අනුකූලව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් අලංකාරවත් සම්මාන මුරයක් පිරිනමන ලදී.ඉන් අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සියළු නිලයින් අමතා කොනොනි සමාජ ශාලාවේ පවත්වන ලද සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවී සියළු නිලයින් සමඟ සුහද කථාබහක නිරත විය. පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් බලකාධිපතිතුමන්ගේ කාර්යාලයේදී බලකාධිපතිතුමන් බැහැදැකීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාම සඳහා පිටත් වූ අතර, එහිදී සියළු නිලයින් විසින් විශ්‍රාම යනු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හට වීධි පෙල සාදා තම අවසන් ආචාරය පුද කිරීමෙන් පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් නික්ම යන ලදී. මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් විසින් පවත්වනු ලැබූ සාම්ප්‍රදායක රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු වැඩසටහනේ සමාප්තිය සිදුකරන ලදී.