Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th September 2023 06:00:00 Hours

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු හෑන්ඩ් බෝල් තරඟාවලියේ දෙවන අනුශූරයා ලෙස සංඥා බලකාය නැගී සිටියි

2023 සැප්තැම්බර් මස 08 දින සිට 2023 සැප්තැම්බර් මස 10 දින දක්වා පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරඟාවලියේදී සංඥා බලකාය නියෝජනය කරමින් තරඟ වැදුණු තරඟ කණ්ඩායම අනෙකුත් ප්‍රතිවාදී තරඟ කණ්ඩායම් සමඟ උරින් උර ගැටී ක්‍රීඩා කුසලතා කිහිපයක් ප්‍රදර්ශනය කරමින් තරඟාවලියේ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අත්කර ගැනීමට සමත්විය. තරඟාවලිය සඳහා සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් රැසක් තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා හෑන්ඩ්බෝල් කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී විය.