Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

06th June 2022 17:13:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය හා සංඥා බලකා සේවා වනිතා ශාඛාව එක්ව අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් දේශප්‍රියගේ බිරිද හා දරුවන් සදහා නවතමයෙන් නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකා යුද්ද හමුදා සේවා වනිතා ඒකකය යටතේ රාජකාරි සිදුකරමින් සිටියදි හදිසි හෘදයාබාදයක් හේතුවෙන් 2021 ජුනි මස 06 වන දින දිවියෙන් සමුගත් පළමු වන ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් සෙ/‍279704 මාණ්ඩලික සැරයන් දේශප්‍රිය ආර්පිඑස්කේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙනුවෙන් ඔහුගේ බිරිද හා දරුවන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ පුර්ණ අනුග්‍රහය මත ඉදිකරන ලද නව නිවස ආර්පිඑස්කේ ජ්‍යේෂඨ කොමිෂන් නොලත් නිලධාරියාගේ බිරිද සහ දරුවන් දෙදෙනා හට චිරාගත සම්ප්‍රදායානුකුලව භාරදීම ප්‍රධාන ආරධිතයා වශයෙන් සපැමිණි සජීවනි පීරිස් මැතිණිය විසින් සිදුකරන ලදි.

මෙම නව නිවස සදහා උපදේශකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය හා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන සජිවනි පිරිස් මැතිණිය විසින් ලබාදෙන ලද අතර, 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා අණදෙන නිලධාරිගේ මෙහෙයවීමෙන් 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙසුනිලයින් විසින් ඉතාමත් කෙටි කාලයකින් මෙම නිවස ඉදිකරන ලදි.

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂඨ සාමාජිකාවන්ද, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් කේ ඒ ඩබිලිව් එස් රත්නායක එන්ඩියු හා 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බි පි උඩගේ යුඑස්පි ඇතුඑ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුඑ සෙසුනිලයින්ද ප්‍රදේශවාසින්ද මෙම අවස්ථාවට සහභාගි විය.