Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

17th January 2023 14:33:34 Hours

බ්‍රිගේඩියර් ජී එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී ජාතික ශිෂ්‍යභට බළකායේ 14 වැනි අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගැනීම

බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ජාතික ශිෂ්‍යභට බලකායේ 14 වැනි අධ්‍යක්ෂකවරයා ලෙස 2023 ජනවාරි 12 වැනි දින සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

මූලස්ථාන පරිශ්‍රයට පැමිණි නව අධ්‍යක්ෂවරයා උණුසුම්ව පිලිගන්නා ලදි. ආරක්‍ෂක බලඇණිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව, නව අධ්‍යක්‍ෂවරයාට 3 වැනි බලඇණියෙහි ශිෂ්‍යභටයින් විසින් ආචාර මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නව අධ්‍යක්ෂවරයා සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට සංකේතාත්මකව සිය අත්සන තැබීය.

ඉන් අනතුරුව බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් පසුව නව අධ්‍යක්‍ෂවරයා කදවුරු පරිශ්‍රය තුල කෙටි සංචාරයක යෙදෙන ලදි.

ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරන ලදි.