Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

19th June 2022 15:42:16 Hours

ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති තුමන්ගේ 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය (තොතා) ඒකක සංචාරය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිදුකරනු ලැබු පළමු නිල සංචාරයේදි 2022 ජූනි 19 වන දින 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිනෙන ලදි.

6 ශ්‍රීලංසංබ (තොතා) හි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්පීඩීඑන් අබේරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති තුමා මහත් හරසරින් පිළිගන්නා ලදී.

පැළයක් සිටුවා වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති තුමා විසින් සියලුම නිලයන් ඇමතූ අතර, සංඥා බලකායේ අනාගත සංවර්ධනය පිළිබඳ තම දැක්ම කුමක්දැයි එතුමන් විස්තර කළේය. අනතුරුව අණදෙන නිළධාරී විසින් ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති තුමන් වෙත සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එම ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. පසුව අණදෙන නිළධාරී විසින් සිය කාර්යාලයේදී ඒකකය පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක් පවත්වන ලදී.

ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති තුමන් තම වටිනා අදහස් නිලධාරීන් සමඟ බෙදාගත් අතර, යුධ හමුදාව සහ රෙජිමේන්තුව තුළ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ඉන්පසුව නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් සමඟ දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු ඒකක සමරු සටහන් පොතෙහි තම සමරු සටහන තැබීමෙන් පසුව නික්ම යාම සනිටුහන් කරන ලදී.