Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

28th May 2022 15:04:35 Hours

නික්මයන ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති තුමන් 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය (තොතා) වෙත ඔහුගේ අවසන් සංචාරය සිදු කිරීම

නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබා යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරි / සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අවසන් නිළ සංචාරය 2022.05.28 දින 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය - යාපනය වෙත සිදුකරන ලදී. ඒකක අණදෙන නිළධාරි තුමන් වන ලුතිනන් කර්නල් ඩබ්පීඩීඑන් අබේරත්න විසින් එතුමන් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට ඒකකය වෙතින් අලංකාරවත් සම්මාන මුරයක් පිරිනමන ලදි. එතුමන්‍ විසින් සංචාරය සනිටුහන් කිරීම සදහා කදවුරු භූමියේ පැලයක් රෝපණය කළ තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉන් අනතුරුව ඒකකයේ භඨ පිරිස් ඇමතීමක්ද සිදුකරන ලදි. භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් විසින් ඉටුකල අනගිභවනීය සේවය අගයනු වස් අණදෙන නිළධාරි තුමන් විසින් එතුමන් හට සමරු තිළිණයක් ප්‍රධානය කිරීමට කටයුතු කලෙමි. පසුව එතුමන් හා ඒකකයේ නිලධාරී/සෙසුනිලයින් එක්ව සුහද පිළිසදරක යෙදෙමින් තේ පැන් සංග්‍රහයක් භුක්ති විදින ලදී.

ඉන් ඉක්බිතිව එතුමන් ඒකකයේ නිළධාරි නිවස්නයෙහි පැවති නිළධාරි සුහද හමුවට සහභාගි වු අතර, ඒ සදහා ඒකක අණදෙන නිළධාරි ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් සහභාගි වූ අතර, සුහද හමුව අවසානයේ ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් එතුමන් වෙනුවෙන් පිළිගැන්විණි. අවසන් වශයෙන් ඒකක සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් කඳවුරෙන් නික්ම යන ලදි.