Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

02nd December 2023 09:00:00 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් රාජකාරි භාරගනි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ 22 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්. ජේ. කේ. ඩී. ජයවර්ධන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 දෙසැම්බර් 01 වන දින පනාගොඩ, සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සිය රාජකාරී භාරගන්නා ලදී.අභිනවයෙන් පත් වූ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී කඳවුරු පරිශ්‍රයට පැමිණීමෙන් පසු වැ:බ: නියෝජ්‍ය මධ්‍යස්ථාන ‍සේනාවිධායක විසින් පිළිගන්නා ලදි. කඳවුරු මුරය පරික්ෂා කිරිමෙන් අනතුරැව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකිරීමෙන් පසු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සිය කාර්යාලය වෙත පිවිස ආගමික වතාවත් සිදුකිරීම සඳහා වැඩමවා සිටි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ තම රාජකාරී භාර ගන්නා ලදී. ඉන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් තම තනතුරේ රාජකාරි ස්වභාවය සඳහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී භඨපිරිස් ඇමතීමට කටයුතු කල අතර, එහිදී කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව නිසි කාලසීමාවන් තුල තම රාජකාරී න් ඉටුකිරීමට සියළු දෙනා කටයුතු කරන අවධාරණය කරන ලදී. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරී මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, කොනොනි සමාජ ශාලාවේ පවත්වන ලද සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවී සියළු නිලයින් සමඟ සුහද කථාබහක නිරත විය.මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර භාර ගැනීම සඳහා පැමිණීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ලෙස කටයුතු කරන ලදී.