Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

21st March 2023 08:27:00 Hours

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලා අංක 129 විසිරයාමේ උත්සවය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලික සහතිකපත්‍ර පාඨමාලාව අංක 129 සදහා බදවාගත් සෙනීන් අසූ අට දෙනකු සදහා නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2023.03.20 දින පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංඥා පාසලේ සේනාවිධායක තුමන් සහභාගි වන ලදි.

මෙම උත්සව අවස්ථාවේදී අදාල පාඨමාලා කාලසීමාව තුල තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සිසුවා බවට පත් වූ S/288258 සංසෙ මාපිටියගේ කේඑස් හට ත්‍යාග ප්‍රධානය කෙරිණි. ප්‍රධාන ආරාධිත අමුත්තා නව සංඥා සෙබළුන් හට සුබ පැතූ අතර ඔවුන්ගේ අනාගත වෘත්තීය ප්‍රයත්නවල උන්නතිය සඳහා සිය අගනා උපදෙස් එක් කළේය. පෙළපාලියෙන් අනතුරුව, පාඨමාලාවේ දක්ෂතා ප්‍රගුණ කළ විවිධ තාක්ෂණික විෂයයන් පිළිබඳ ආදර්ශනයක් ප්‍රධාන ආරාධිතයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පාඨමාලා සිසුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලික සහතික පත්‍ර පාඨමාලාව වැඩ කරන දින පනස් අටක කාල සීමාව තුළ පවත්වන ලද අතර එය සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණයේ සියලුම මූලික අංශවල න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඇතුළත් වූ අකාරයට පවත්වන ලදි.