Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

21st January 2023 18:33:34 Hours

තොරතුරු තාක්ෂණ අධ්‍යයක්ෂකවරයා 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායෙහි සංචාරයක

ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජී එල් එස් ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 2023 ජනවාරි 21 වන දින දියතලාව ප්‍රදේශයෙහි ස්ථාපිත 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය.

එහි පැමිණි බ්‍රිගේඩියර් ජී එල් එස් ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී අණදෙන නිළධාරී වන මේජර් ඩී එස් එල් කුමාරසිරි පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ඔහු 7 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කරන ලදි.

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක තුමන් භට පිරිස් අමතමින්, ඔවුන්ගේ විනය සහ වෘත්තීයභාවයෙහි ඇති වැදගත්කම පිලිබදව අවධාරණය කළේය. සිය දේශනය අවසානයේ අණදෙන නිළධාරී විසින් ඔහුගේ සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී. ඉන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහය සදහා එක්වන ලදි.

පසුව නිලධාරීන් සමඟ සිය අදහස් බෙදාගත් අතර අනතුරුව සියලු නිලයන් සමඟ සමූහ ඡායාරූපයක් ද ලබා ගත්තේය. ඉන් අනතුරැව නිලධාරි නිවසනයේදී දිවා ආහාරය ලබාගැනීමෙන් පසුව සංචාරය සනිටුහන් කරමින් අමුත්තන්ගේ පොතේ සටහන් තබන ලදි.