Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

06th January 2023 09:56:07 Hours

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ කදවුරු සංචාර

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය යාපනයේ පලාලි යුධ හමුදා කඳවුරේ 2023 ජනවාරි 6 වන දින නිල වශයෙන් සංචාරයක නිරත විය. එහි අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් යු එල් සී ඩි පෙරේරා පීඑස්සී විසින් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂවරයාව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව, බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී විසින් සිය දේශනය පවත්වමින් තොරතුරු තාක්ෂණයෙන් සංඥා සෙබළුන්ගේ අනාගත සංවර්ධනය පිළිබඳ දැක්මක් ඇතිව තම වෘත්තීය ජීවිතය තුළ ඉහළම විනය රැකගනිමින් වෘත්තීයභාවය රැකගැනීමට කටයුතු කරන ලෙස දැනුවත් කරන ලදි.

පසුදින අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ නිලධාරි තුමන් 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ යාපනය වෙත සිය මංගල චාරිකාව සිදු කරන ලදී. එහි අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් ඩබ්ලිව් පී ඩී එන් අබේරත්න විසින් බ්‍රිගේඩියර් ජී එල් එස් ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී නිලධාරින් තුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව අණදෙන නිළධාරි විසින් පාලන කටයුතු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කරුණු සහ ඉදිරි තාක්ෂණික උපායන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී. පසුව ඔහු 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කළේය. එදින සංචාරය අවසන් කිරීමට පෙර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකතුමා නිලධාරීන් සමඟ සිය වටිනා අදහස් බෙදාගත් අතර සියලුම නිලධාරීන් සමඟ දිවා ආහාරයෙන් සඳහා එක්විමෙන් පසු අමුත්තන්ගේ සටහන් තැබිමේ පොතේ අදහස් හා ප්‍රශංසා සටහන් තබන ලදි.

2023 ජනවාරි 8 වන දින අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ නිලධාරි තුමන් අනුරාධපුර 4 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත නිල වශයෙන් පැමිණියහ. එහි අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් ආර් ඩි ආර් එම් ප්‍රනාන්දු ආර් එස් පී යූඑස්පී පීඑස්සී විසින් බ්‍රිගේඩියර් ජී එල් එස් ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම්ව පිළිගැනීමට කටයුතු කරන ලදී.