Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

10th March 2022 19:44:31 Hours

අලුතින් ඉදිකරන ලද නිවසක් සංඥා සෙබලෙකු වෙත පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සජීවනී පීරිස් මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත, 4 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ හිටපු අණදෙන නිළධාරී වන ලුතිනන් කර්නල් එම්ඒඩීඑස් මුතුගල යුඑස්පි සහ වත්මන් අණදෙන නිලධාරි මේජර් ආර්ඩීආර්එම් ප්‍රනාන්දු ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නොචිචියාගම පදිංචි සංඥා බලකායට අයත් සෙ/283373 ලා/කෝ වීරසුරිය ජේඒඩබ්ලිව් යන කොනොනිගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නිවස 2022 මාර්තු 10 වැනි දින බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් සුභ මොහොතින් පරිත්‍යාග කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සදහා 4 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ භඨ පිරිස් විසින් ශ්‍රම දායක්වය සහ තාක්ෂණික සහාය ලබා දෙන ලද අතර, මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සජීවනී පීරිස් මැතිණිය ද, මෙම නිවස ඉදිකිරීම සදහා ප්‍රධාන මූල්‍ය දායකත්වය ලබාදුන් ධනසිරි අමරතුංග මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ප්‍රතිලාභියා වෙත නිවසෙහි යතුර ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ සාමාජික මහත්මීන් කිහිප දෙනෙකු ද, 4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදි.