Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

29th March 2022 16:36:14 Hours

අන්තර් රෙජිමේන්තු කැරම් තරගාවලිය - 2022

2022 අන්තර් රෙජිමේන්තු කැරම් තරගාවලිය මාර්තු 21,22,23 සහ 24 යන දිනයන්හී රෙම ශ්‍රීලංසංබ ප්‍රධාන දේශණ ශාලවෙහි පැවැත්වූ අතර ත්‍යාග ප්‍රදාන උත්සවය මාර්තු 25 දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි. මෙහිදි එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි, සංඥා බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා කැරම් කමිටු සභාපති මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා සහභාගි විය.

එම අවස්ථාව සදහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ක්‍රීඩක/ක්‍රිඩිකාවන්ට තම ජයග්‍රාහනයන් ලබා ගැන‍ීම සදහා මනා දිරිගැන්වීම් නිරන්තරයෙන් ලබා දෙන ලදි. එසේම ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු එම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජයග්‍රාහන ලබා ගන්නා ලද ක්‍රීඩක/ක්‍රිඩිකාවන්ට හට ජය සංකේත පත් ප්‍රදානයට එක්විය.

2022 අන්තර් රෙජිමේන්තු කැරම් තරගාවලියෙහි පිරිමි ශුරතාව විජයබා පාබල රෙජිමේන්තුව විසින් ජයග්‍රාහනය කරන ලද අතර එහි අනුශූරතාවය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. එසේම කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් ජයග්‍රාහනය කරන ලද අතර එහි අනුශූරතාවය ශ්‍රී ලංකා සංඥා බළකායට හිමිවිය.

එසේම මෙම තරගාවලියෙහි දක්ෂතාම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාව හිමි සම්මානය දිනා ගනු ලැබුවේ පිළීවෙලින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි රයිෆල් සෙබල මුෆීස් ඩබ්ලිව්එම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කාන්තා සෙබල ගුණදාස ඊපීඑන්එම් විසිනි.

යුද්ධ හමුදා සේවා බලකායට අයත් සාමාන්‍ය සෙබල රත්නායක ආර්එම්එස් විසින් අවුරුදු 40 වැඩි අංශයෙහි දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නා ලදි.

මේ වන විටත් ශ්‍රී ලංකා කැරම් සංචිතයෙහි වැඩිම නියෝජනයක් සිදු කරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් සංචිතයෙහි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විසිනි.