Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

14th January 2023 14:33:34 Hours

අන්තර් රෙජිමේන්තු කරාතේ තරඟාවලියේ ශ්‍රී ලංකා සංඥා බළකායට ජය

2023 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය 2023 ජනවාරි 10 සහ 13 යන දිනවල පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදි. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගී විය.

සංඥා බලකාය නියෝජනය කරන ලද කරාටේ කණ්ඩායම විසින් රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගනිමින් කාන්තා අංශයේ අනුශූරතාව සහ කනිෂ්ඨ කාන්තා අංශයේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.